22- ඉවරයි කිව්වාට ඉවර නෑ

117 13 22
                                    


ඉවරයි කිව්වාට ඉවර නෑ


___________________♥️____________________
(North imagine )
සඳ side

මං දන්නවා ආදරේ වේදනා
මං ඉන්නවා ජීවිතේ පුරා සදා....
මට තනිවෙලා ඉන්න වේවිදෝ රෑ දිවා
මට සිහිනයක් වේද ආදරේ සෑමදා
මට තනිවෙලා ඉන්න වේවිදෝ රෑ දිවා
මට සිහිනයක් වේද ආදරේ පාරා

___________________♥️____________________
___________________♥️____________________


සබිත මේ වෙද්දි  ලංකාවෙන් පිට වෙන්න කලින් ..
අපේ බැදපු දෙන්නා කලින්ම ගිහිත් තිබුනා ...

සබිත සහස් එක්ක යම් යම් කාරණා වලට එකතුවී වැඩ ගොඩක බිසී වුන හින්දා ...

එත් ඊට කලින් මුලින්ම සඳව සබිත මැදිහත් වී වෙනස් නිවසක් අරන් දී තිබුනේ  නිදුක්ව පවා පුදුම කරමින් ...
එය සඳගේ නමට ලියා තියන බව කියද්දි ...
එතැන උන් පිරිස මොහොතක් පුදුම කර තිබුනා..

ඒ වගේම සඳගේ මේ නිවසට ගෙට ගෙවදීමට නැකත් හදලා ඒ දවසට අර පොඩි එකාව පුදුම කරලා ඔප්පුව අතට දෙද්දි ගල්වී හිටපු විදිය හරිම දුක්බිතයි ....

මෙවා සඳට හුරු නෑ මේ තරම් හොඳ වෙන එක ගැන සඳට තිබ්බේ වෙනස්ම හැඟීමක් ..

සබිත උත්සවයක් ,කියා පමනක් කියා ආරාධනා කරපු
නිදුක්ගේ මුළු පවුලට හා විදාන මහත්තයාගේ පවුලේ සියලුම දෙනා සභාගි වී උන්නා ...

සඳ කතා කරන්නට ඕන බව කියද්දි සබිත ඉඟී කරේ රෑට කතා කරමු කියලා බිසි වෙද්දි කොල්ලාට අඬන්න හිනා වෙන්න ද කියලා හිතා ගන්න බැරි වුනා ජීවිතේ එක විශාල නොලැබිම හා ලැබිම ගැන සඳ හිටියේම පුදුම වෙමින් ...

"Wow ලේසී නෑ මේ මාරම ලස්සනයි "
හැමෝගෙම අදහස වුනේ ඒක ...

ඒක මහා ලොකුවට ලොකුත් නැති පොඩි නැති කාමර හතරක් තියන ගෙදරක් ...

කොට්ටේ දියත උයනට එහා කොණක හා පාර්ලිමේන්තුව මෙහා තිබුන ඒ ගේ .... ගැන තක්සේරු කිරිමට සඳට මහා ලොකු දැනුමක් හෝ උවමනාවක් තිබුනේත් නැත...

ඒවගේම සඳ කොහොම වුනත්
අනිත් අයට ඇසට ප්‍රිය දර්ශනයක් දිහා බලාගෙ හිටියේ නිහඬව...

ඔව් ඒ අරුන්දිත් හා මිනාරා...

සඳ මාස තුනක් තිස්සේ මේ දර්ශනය හිතක් පපුවක් නැති විදියට ඔහේ බලන් ඉන්නවා ඇත්ත බූට් එකක් කෑවාම එන මරාන්තික වේදනාව තමන්ට එක්කෝ දැනෙනවා මදිද නැත්නම් මේක මොන මගුලේ ලව් එකක්ද කියලා හිතා ගන්න බැරිම හිටියේ සඳ ...

𝕄𝕪 𝕓𝕣𝕠𝕥𝕙𝕖𝕣 𝕚𝕟 𝕝𝕒𝕨 | 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼| hyunlix✅Where stories live. Discover now