- 2 -

2.2K 434 74
                                    

ජිමින්ගේ දෑත් ජීයන්ග්ගේ පපුව දෙපසින් බිමට තද වී තිබිණි. ඔහුගේ දෙදණට ඇගේ දෙපා මැදිව තිබුණු අතර ජිමින්ගේ මුළු සිරුරම දහඩියෙන් නෑවී ගොසිණි.

'මේක ඉක්මනට ඉවරයක් කරලා දාන්න ජිමී? ජිමින්? මොකා හරි!' ජීයන්ග් ජිමින්ගේ කමිසය මිරිකමින් කීවාය.

ජිමින් සුසුමක් හෙළුවේය. 'මට බෑ...'

'ඇයි බැරි?' සෙබලෙකු ගෙරවීය.

'මොකද.... මොකද එයා පොඩි ළමයෙක්... ඒ නිසා...'

ජීයන්ග් ඇස් කරකැවීය. 'මොන අල ගෙඩියක්ද ඔයා කියවන්නේ? ඔයත් පොඩි එකෙක්නේ...'

'මට බැහැ ඒක කරන්න... මොකද ඔයා පොඩි ළමයෙක් නිසා...'

'ජිමින්!' යුන්ගි රළු ලෙස ජිමින්ව ඇමතුවේය. ‍

'ඔයාට ඒක බැරි නම් ජිමින් හරි මොතා හරි දැන්ම මෙතනින් අයින් වෙන්න... මට බිම දිගාවෙලා ඉඳලා එපා වෙලා...'

ජිමින් තවමත් සිටි විලසම ඇය දෙස බලා සිටියේය.

'කන්ග් ජිමින්! ඕක ඉවරයක් කරනවද? අපි මෙතන තව ගොඩක් අය බලන් ඉන්නවා ගෙදර යන්න... අපේ ළමයි අපි එනකන් බලන් ඉන්නවා...' මැදිවියේ පසුවූ සෙබලෙකු පවසනු ඇසිණි.

'ළමයි බලන් ඉන්නවා...' ජිමින් තමාටම මමුණා ගත්තේය. 'පාර්ක් අජුෂි ඔයාගේ දුව මේ විදිහට හිටියොත් ඔයා එයාට මේ විදිහට වේදනාවක් විඳින්න ඉඩ දෙනවද?'

කිසිවෙකුත් පිළිතුරු දුන්නේ නැත.

'ජිමින්! පණ්ඩිතකම් නොකියවා ඉක්මනට ඕක ඉවර කරලා දාන්න...' යුන්ගිගේ අණ ලැබිණි.

ජිමින් තවත් තත්පර කීපයක් නව යොවුන් වියේ පසුවූ සෙබලියගේ දෑස් දෙස බලා සිටියේය. ඇය තුළ ඇති සැඟවුණු වේදනාව ඔහුට තේරුම් ගත හැකිවිය. නමුත් නීතිය නම් නීතියමය. උඩුකය කෙලින් කරගත් ඔහු තමාගේ හමුදා කබායේ බොත්තම් ගලවන්නට පටන් ගත්තේය.

ජීයන්ග් සුසුමක් හෙළුවාය. 'ඔයාට පුළුවන්නම් හුඟක් තදට යන්නේ නැතුව ඉන්න... මට එච්චර ගොඩක් වෙලා අල්ලන් ඉන්න බැහැ...'

ජිමින් සිනාවක් පා තම කබාය ගැලවූවේය. ඇගේ නග්න උරහිස් වටා අත් යැවූ හේ ඇයව තම සිරුරට තුරුල් කරගෙන කබාය බිම ඇතිරීය.

'මොකක්ද ඔහේ ඔය කරන්නේ??' කිසිවෙකුත් ඇසීය.

නිහඬවම සෙබලියව කබාය මතින් තැබූ නවක සෙබලා ඇගේ ඇඟ වටා කබාය එතුවේය. 'දැන් ඔයාට ඇඳුමක් නෑ කියලා ප්‍රශ්නයක් නැහැ...'

ජීයන්ග් කබාය ඇඟිලි තුඩුවලින් තම සිරුරට තද කරගත්තාය. 'ස්තූතියි... ඒත් ඇයි?'

ජිමින් යමක් කීමට පෙර ජෙනරල් හන්ගේ හඬ ඇසිණී. 'කන්ග් ජිමින්? ඒ මොකක්ද ඒ කළ වැඩේ?'

'මම කළේ හරි දේ ජෙනරල් හන්.'

'හරි වැරැද්ද මොකක්ද කියන එක තමුන් දන්නවද?'

'මම හරියටම දන්නේ නැහැ ජෙනරල් හන්. ඒත් ගෑනු ළමයෙක්ව මහ පාරේ දූෂණය කරන එක හරි දෙයක් නෙවෙයි කියලා නම් මං දන්නවා.'

යුන්ගි තොල් හැපුවේය. 'තමුන් කෙල්ලෙක් එක්ක ඉඳලම නැද්ද?'

'නැහැ ජෙනරල් හන්.'

'තමුන්ට අර කෙල්ල එක්කත් ඉන්න බැහැ?' යුන්ගි ප්‍රශ්න කළේය.

'බැහැ...'

'හේතුව?'

'මොකද මමත් සමලිංගිකයෙක් ජෙනරල් හන්.' නවක සෙබලා සැකයකින් තොරව පිට කළේය.

_________________________

මම නම් මුකුත් කියන්නේ නෑමයි...

ඔයාලට ඕන නම් කියවන්න නැත්නම් අත අරින්න...

-_-

𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now