- 18 -

1.4K 347 95
                                    

THANK YOU FOR 1K VOTES!!!!!LOVE UUUUU

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

THANK YOU FOR 1K VOTES!!!!!
LOVE UUUUU

____________

ජීයන්ග් දත්මිටි කෑවාය. වේදනාව අධික වූ අතර එය දරා ගැනීමටද ඇයට සිදුවී තිබිණි.

නිර්වින්ද හිඟයක් තිබූ නිසා සැත්කම කළේ ජීයන්ග්ට සිහි නැති නොකොටය.

ජින් සැත්කම් පිහියකින් කකුලේ තුවාලය මදක් විවර කරන විට ඇගේ මුහුණින් කඳුලු වැගිරිණි. 'බැහැ... රිදෙනවා...'

'එන්න මම ඔයාගේ අත අල්ල ගන්නම්... ඔයාට පුළුවන් මගේ අත මිරිකන්න ඔයාට රිදෙන හැම වෙලාවකම.' හොසෙක් තම අත ජීයන්ග්ගේ අත වටා යවමින් මිමිණුවේය.

'දැන් හොඳ ළමයා වගේ කකුල හොලවන්න එපා... අපි උණ්ඩේ අයින් කරන්නයි යන්නේ...' ජින් කල්පනාකාරී ලෙස පැවසුවේ සිහින් සැත්කම් අඬුවක් අතට ගනිමිනි.

ඇය හිස වැනුවාය. සැත්කම් අඬුව ඇගේ පාදයට ඇතුල් වන විට තමාගේ අතින් ලේ එන තරමේ මිරිකීමක් අත්විඳීමට හොසෙක්ට හැකිවිය.

'හරි හරි... හොඳ ළමයා... දැන් අපි මේක මහලා දාමු...' ජින් ඉවසිලිවන්ත ලෙස උණ්ඩය ඉවත් කර තුවාලය පිස දැමුවේය.

විවරය මසා සැත්කම අවසාන කරන විට ජීයන්ග් සිටියේ අඩ සිහියෙනි.

වෛද්‍යවරයා ඇගේ කකුල පිසදමා සුසුමක් හෙළුවේය. 'ඉවරයි...'

යුන්ගි ජින් දෙසට අඩියක් තැබුවේය. 'බොහොම ස්තූතියි.' ඊළඟට ඔහු අනතුරු අඟවන හඬකින් වෛද්‍යවරයා ඇමතීය. 'මෙතන වුණ කිසි දෙයක් අපි හතර දෙනාගෙන් පිට කෙනෙක් දැන ගන්න බැහැ... තේරුණාද?'

'යුන්ගි?' ජින් විමසුවේය.

'මෙතන කිසිම සැත්කමක් කළේ නැහැ. ඔයා මෙහෙම ගෑනු ළමයෙක්ව දැක්කෙත් නැහැ. තේරුණාද?'

𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now