- 14 -

1.6K 357 31
                                    

'අපි මෙහෙන් යන්න ඕන කොහොම හරි...' ජීයන්ග් අන්ධකාරයේ මිමිණුවා ය. 

'කොහොමද?' 

'මමත් ඒක දන්නේ නෑ... ඒත් අපි දෙන්නටම මෙහෙම කල එකේ අරියට නොකර ඉඳිවී කියලා මම හිතන්නේ නැහැ... අපි දෙන්නා කොහොම හරි හිටියත් ජිමින්, අරියා පොඩි ළමයෙක්.' 

ජිමින් සුසුමක් හෙළුවේය. 'අපිට උදව් ගන්න කවුරුත් නෑ වගේ.' 

මද නිහඬතාවකින් පසු ජීයන්ග්ගේ හඬ අවදි විය. 'හොසෙක්ව බලාගන්න පුළුවන් නම් උදව්වක් ගන්න පුළුවන් වෙයි...' 

'ඒ කොහොමද?' 

'ජිමින්, මං කියන දේ ගැන වැඩිය හිතන්න එපා. මම ජෙනරල් හන්ගේ නංගි...'

ජිමින් වාතයේ හුස්ම හිර කරගත්තේය. 'මොකක් කිව්වා?'

'ජිමින් මම හන් යුන්ජි... ඒක දිග කතාවක්. මට ඒක දැන් කියන්න බැහැ...'

'යුන්ගි ඒක දන්නවද?'

ජීයන්ග් හිස සැළුවාය. 'එයා මාව දැක්ක ගමන් අඳුර ගත්තා... ඒත් ඉතින් එයාගේ රස්සාවත් එයාට වටිනවනේ...'

'ඒක මොන ජාතියේ කතාවක්ද අනේ? ඔයා එයාගේ නංගි වෙලත් එයා ඔයාට සැලකුවේ සතෙක්ට වගේ...'

'මං දන්නවා ජිමින් එයා සම්පූර්ණ වැරදියි කියලා ඒත් අපිට කරන්න දෙයක් නැහැනේ මේ ඉන්න විදිහට ඉන්නවා ඇරෙන්න... ඒත් මට හොසෙක්ව හම්බවෙන්න ඕන... එයා අපිට උදව් කරයි.' ජීයන්ග් යුන්ගි ගැන මාතෘකාව හමුවේ අපහසුතාවක් දක්වමින් මග හරින්නට උත්සාහා කරමින් කීවාය.

'හොසෙක් හ්‍යුන්ග්... එයා හෙට වධකාගාරේ වැඩට එයි... ඒත් අපිව හෙට ගෙනියන එකක් නැති වෙයි...' ජිමින් තොල හපමින් පිළිතුරු දුන්නේය.

ජීයන්ග්ගේ මුහුණේ සමච්චල් සහගත සිනාවක් ඇඳිණි. 'එයාලා ගෙනියන්නේ නැත්තම් මම ගෙනියන තැනට වැඩ කරන්නම්!'

__________

පසුවදා උදෑසන වන විට ජීයන්ග් බලාපොරොත්තු වූ පරිදිම ඇයව වධකාගාරයට ගෙනයාමට සෙබළුන්ට සිදුවිය.

හොසෙක් තම රාජකාරියට පැමිණෙන තුරුම ඇයට නොයෙක් ආකාරයේ වද වේදනාවලට මුහුණ දුන්නාය. පැය හතරක් පමණ නොමරා මැරූ වද වලට පසුව හොසෙක්ව දැකගැනීමට ඇයට හැකිවිය.

'හොසෙක්...'

හොසෙක් හැරී බැලුවේය. ඔහුගේ මුහුණේ ප්‍රශ්නාර්ථ බැල්මක් ඉතිරි වී තිබුණේ ඇයව හඳුනා නොගත් බව කියමිනි.

'හොසෙක්....' ජීයන්ග් කෙඳිරිගෑවාය.

හොසෙක් කුතුහලයෙන් යුතුව ඇය අසලින් දණ ගසා ගත්තාය. 'ඔයා කවුද? මගේ නම දන්නේ කොහොමද?' ඇගේ නිකටින් එසවූ ඔහු ඇගේ මුහුණේ රුධිරය පිස දැමුවේය. 'කොහොම වුණත් ඔයාට  සෑහෙන්න වද දීලා පාටයි.'

එක්වරම,

ඔහුට මතකය අවදි විය. ඔහුගේ දෑස් විසල් විය.

අවුරුදු අටකට පෙර ඔහුගේ උරය මත සෙල්ලම් කළ කුඩා කෙල්ල. ඒ දෑස තවමත් ඒ ලෙසම තිබිණි. කුඩා කල තිබූ සතුටු සිනහව වෙනුවට දැන් තිබුණේ වේදනාව යටපත් කරගන්නට නැගුණු සිනහවකි. නොකැළැල් මුහුණ පුරා දැන් පිළිස්සුම් ලකුණු හා කැපුම් පහරවල් තිබිණි.

'ඔයා... නෑ.... වෙන්න බෑ....' ඔහුට මිමිණිනි.

'හොසෙක් ඒ මම තමයි... මම මැරිලා නෑ...'

හොසෙක්ගේ අත ඇගේ මුහුණින් ලිස්සා යනවිටම ඇය අත තද කොට අල්ලා ගත්තාය. 'හොසෙක්... අයියේ... මාව ආයෙත් දාලා යන්න එපා... අනේ...'

හොසෙක්ගේ දෑසින් කඳුලු වැටෙන්නට විය.





'දෙවියනේ යුන්ජි!' ‍

______________________

චැප්ටර්ස් කොටයි කියලා කට්ටිය කියනවා...

මට සමාවෙන්න ඒකට මට ලියන්න වෙලාවක් නැහැ ඇත්තටම. මගුලේ zoom නිසා....

ඒත් කොහොම හරි ලියනවනේ....

 positive thinking! :)

මම මුළු DECOHERENCE album එකම අහලා ඉවර කළා මේ චැප්ටර් එක ලියන ගමන්....

YEAH!!!!!!!!!!!!!!!!!!!!!

YEAH!!!!!!!!!!!!!!!!!!!!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now