- 4 -

1.9K 395 111
                                    

'ඔයා හොඳින්ද?' ජිමින් ඇසුවේ බිම වැතිරී සිටි ජීයන්ග්ගෙනි.

'මං අහන්නේ...' ජීයන්ග් නැගිටිමින් කීවාය. 'ඒක මොන ජාතියේ ගොන් ප්‍රශ්නයක්ද? මම මැරෙන්න මෙතන බූට් සපත්තුවකින් ගුටි කෑවා. ඇයි දැන් අහන්නේ මං හොඳින්ද කියලා?'

ජිමින් විරිත්තුවේය. 'මැරෙනකන් ගුටි කෑවත් කට නම් අඩු වෙලා නැහැ.'

ජීයන්ග්ද සිනාවක් පෑවාය. 'ඒ යස්ස ජෙනරල් නම් මිනිහෙක් වෙන්න බැහැ.'

'ඒ වුණත් එයා හොට්නේ...' ජිමින් කෙඳිරීය.

කෙල්ලට හිකිස් ගා හිනාවක් පිටවිණි. 'මොකක් කිව්වා? ඒ වඳුරු පැටියා හොට්?'

'ඔයා ඉතින් පිරිමින්ට කැමති නැහැනේ.. එයාගේ නංගි යුන්ජි හිටියා නම් ඔයා එයා පස්සෙන් යයි කියලා මට විශ්වාසයි!'

'මං මොකටද යුන්ජිගේ පස්සෙන් යන්නේ?'

'හන් පවුලේ හැමෝම හරිම sexy.'

'ඔයා යුන්ජිව දැකලා තියෙනවද?'

'නෑ... ඒත් ජෙනරල් හන් එයා ගැන ගොඩක් කියවනවා.'

ජීයන්ග් උනන්දුවෙන් ඉදිරියට නැවුණාය. 'එයා මොන වගේද? මං ඇහුවේ හන් යුන්ජි?'

'ම්ම්... ජෙනරල් හන් කියන විදහට එයා උසයි. කොණ්ඩේ වවලා හිටියේ. සුදුයි... ඊළඟට ඒත් එයා මැරුණා...' ජිමින් විස්තර කළේය.

'එයා මොනවා වෙලාද මැරිලා තියෙන්නේ?'

'ජෙනරල් හන්වයි එයාගේ නෑ සහෝදරයා හොසෙක් හ්‍යුන්ග්වයි ආගෝ හමුදාවට එකතු කරගන්න යද්දි හමුදාව එයාලව දූෂණය කරලා මරලා...'

'එයාලා කිව්වේ?'

'යුන්ජිවයි මැඩම් හන්වයි.' 

ජීයන්ගේ මුහුණ හැකිලිනි. 'ඒක නම් දුක හිතෙන කතාවක්...'

ජිමින් සුසුමක් පිටකර හිස වනමින් එකඟ විය.

මද නිහඬතාවයකට පසු එය බිඳී ගියේ කිසිවෙකුත් දොර අරින හඬ ඇසීමෙනි.

රෙදි පාර්සලයක් ජීයන්ග් වෙත විසිවිණි. 'ජෙනරල් මේක ඔහේට දෙන්න කිව්වා.' ඔහු ජිමින් දෙසට හැරුණේය.

'තමුන්ව එයා හමුවෙන්න එක්කන් එන්න කිව්වා.'

_____________

ජිමින්ගේ දෑත් පිටුපසට කර ගැට ගසා ගෙනගොස් තිබුණේ වධකාගාරයටයි.  ඔහු ගැඹුරින් හුස්මක් ගත්තේ පසෙක පුටුවක වාඩි වී සිටි ජෙනරල්වරයා දැකීමෙනි.

ජිමින්ව දණ ගස්වනු ලැබිණි. යුන්ගි ඔහුගේ ඉදිරියට පැමිණ එක් දණක් මත ඉඳ ගත්තේය.

'කන්ග් ජිමින්?'

'ඔව් ජෙනරල් මින්...'

ජිමින්ගේ නිකට යුන්ගිගේ ඇඟිලි වලට මිරිකී ගියේය. 'තමුන් මොකද යුන්ජිව මතක් කළේ?'

ජිමින් වේදනාව නිසා කඳුළු පිරි දෑසින් යුන්ගි දෙස බැලුවේය. 'ජීයන්ග් කියන්නෙත් යුන්ජි වගේම පොඩි ළමයෙක් නිසයි ජෙනරල් මින්.

යුන්ගි යටිතොල සැපුවේය. 'ඔයා කරගත්තේ ලොකු වැරැද්දක් කන්ග් ජිමින්.' 

'කායි...' ජෙනරල්වරයා සෙබලෙකු ඇමතීය.

'ඔව් ජෙනරල් හන්?'

'භාණ්ඩ අංක විසිතුන දෙන්න!'

භාණ්ඩ අංක විසිතුන මතක් වීමෙන් ජිමින්ගේ දෑසට නැවතත් කඳුළු පිරිණි. එය මතක් වීමෙන් ඇතිවූ වේදනාව මෙන් සියගුණයක් එය සිරුරට ස්පර්ශ වීමෙන් ඇතිවිය හැකි බව ඔහු දැන සිටියේය.

ජෙනරල්වරයාගේ අතට පත්වී තිබුණේ රළු මතුපිටක් සහිත පටියකි.

'තමුන් දන්නවද මේක මොකක්ද කියලා?'

ජිමින් හිස සැලුවේය. 'විදුලිය ගමන් කරන පටියක්.'

'කොච්චර වොට් ප්‍රමාණයක්ද?'

'දන්නේ නැහැ ජෙනරල් හන්...'

'හොඳයි හොඳයි... අපිට ඒක ඔයාට දැනෙන්න සලස්වන්න වෙනවා දැන්...'

______________________________________

Homophobia කියවන ඔබටත් මෙන්න අගනා අවස්ථාවක්.

ලී ජීයන්ග්ගේ අනාගත පෙම්වතියට නමක් කියා ත්‍යාගයක් දිනාගන්න....

(තෑගි දෙන්නේ නැහැ. ඒක නිකන් කිව්වේ...)

මට නම් කිසි දෙයක් හිතෙන්නේ නැහැ මේ කතාව ගැන...

ඒ වගේම මම කපුකම වගේ හිනායන ඒත් පාෙඩි කතාවක් ඔයාලට දෙන්න හිතන් ඉන්නවා ඉස්සරහට. ඒකේ වැඩ බාගයක් කරලා ඉවරයි.



𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Där berättelser lever. Upptäck nu