හැමෝටම,
මම නිකන්ම ගියා වගේද? ඔයාලට කිව්වේ නැති නිසා ඔයාලා කිසි කෙනෙක් දන්නේ නැහැ. මාව පිටුවහල් කලත් නැතත් මට ජීවත් වෙන්න බැහැ. මට අවුරුදු තුනක් තිස්සේ ලේ පිළිකාවක්. කිසි කෙනෙක් දැනන් හිටියේ නැති එක ඔයාලගේ වැරැද්දක් නෙවෙයි. මම කිව්වෙත් නැහැ මොකද ඒක හොඳටම පරක්කු වැඩි නිසා. දොස්තරලා කිව්වා කොහොමත් මගේ අභ්‍යන්තර අවයව වලට විදුලිය නිසා හානි වෙලා තියෙන නිසා බේරන්න බැරි වෙයි කියලා. කිසි කෙනෙක්ට මාව බේරන්න බැරි නිසා කමක් නැහැ. මගෙන් තව වැඩකුත් නැහැනේ මේ ලෝකෙට. මම මැරුණා.
යුන්ගි, ඔයාට මට කවදාවත් අයියා කියන්න බැරිවුණා එදයින් පස්සේ. මට කියන්න ඕන වුණේ නැහැ. ඔයා නිසා මට හුඟක් දේවල් වුණත් දැන් ඒ දේවල් ගැන ඔයා හිතන්න එපා. ඔයා මගේ අයියා මොනවා වුණත්. ජිමින් එක්ක සතුටින් ඉන්න. එයාට වද දෙන්න එපා. ඔයාගේ ජීවිතේ මාව නැති වුණා වගේ එයාවත් නැති කරගන්න එපා. ජිමින් කියන්නේ ඔයාගේ ජීවිතේ සතුට. මාව විශ්වාස කරන්න.
ටේහ්‍යුන්ග්, නොකියම ගිය එකට සමාවෙන්න. ඒ වගේම ජන්ග්කුක් එක්ක සතුටින් ඉන්න. ගිය සැරේ වගේ සලාද කොළ කන්න දෙන්න එපා කුකී ඔප්පට. අරියව අමතක නොකර හැමදාම වගේ ඇල ළඟට සෙල්ලම් කරන්න එක්කන් යන්න. ඔයා දන්නවනේ එයා ඒකට හුඟක් ආසයි කියලා.
හොසෙක්... ඔයා මගේම අයියා නොවුණත් මගේම අයියා තමයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. රියුජින් එක්ක ළමයෙක් හදන්න. ඔයා කැමති නම් විතරක් එයාට ලී යුන්ජී යන්ග් කියලා නම දාන්න. මගේ නම් දෙකම එතකොට ඔයාලට දකින්න ලැබේවි. ඒ ළමයත් මං වගේම නැහැදුණු කෙනෙක් වෙයි!
එතකොට ජින් ඔප්පා! ඔයාගෙන් නම් ඇත්තටම සමාව ගන්න ඕන. ඔයා දොස්තර කෙනෙක් වෙලත් ඔයාට නොකියපු එක ගැන. මම එහෙම කලේ නැත්තේ ඔයා බයවෙලා මට බෙහෙත් කරන්න ගනියි කියලයි. බෙහෙත් ගන්න උවමනාවක් තිබුණේ නැහැ ඇත්තටම. මට ඕන වුණේ විඳපු වේදනාවන් එක්ක ඒ විදිහටම නැතිවෙලා යන්නයි. සමාවෙන්න නොකියපු එකට. නම්ජුන් ඔප්පා එක්ක අරියව හොඳට හදාගන්න. ළමයෙක් හදාගන්න එක ලේසි දෙයක් නෙවෙයිනේ.
YOU ARE READING
𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]
Fanfictionසමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුවම නම් විරුද්ධ ලිංගිකයෙක් අතින් අතවරයට ලක් වීමයි. 𝐧𝐨𝐭 𝐚 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧