- 21 -

1.3K 320 57
                                    

නම්ජුන් ඇඳට නැග්ගේ සුසුමක් හෙලමිනි. 'අද සාදය හොඳට ගියා නේද?'

ජින් සිනා විය. 'අපේ ළමයට හොඳම දේ නොදී ඉන්න බැහැනේ...'

නම්ජුන් ජින්ගේ ඉඟ වටා දෑත් යැවීය. 'මට සතුටුයි අපිට ළමයෙක් ඉන්න එක ගැන.'

'අනේ ඉතින් මං වගේ ලස්සන ළමයි හැමෝටම හම්බවෙන්නේ නැහැ...' ජින් නම්ජුන්වද පෙරලාගෙන ඇඳේ වැතිරුණේය.

'අපෝ ඔයාගේ ආත්ම වර්ණනාව...'

වැඩිමලා කාමරයේ පහන් නිවා දැමුවේ නිදා ගැනීමේ අරමුණෙනි. 'මේක කරන්න බැහැ නම්ජුන්. ජිමින් යුන්ගි දෙන්නා දෙපැත්තට කරලා ඉඳලා මට නම් එපා වෙලා.'

'ඒ දෙන්නා වැඩි කාලයක් එහෙම ඉන්න එකක් නැහැ.' නම්ජුන් ස්ථිරසාර හඬකින් කීවේය.

'හ්ම්ම්...'

මද නිහඬතාවයකට පසුව ජින් නැවතත් හඬ අවදි කළේය. 'ජීයන්ග් හුඟක් වෙනස් වෙලා. එයාට හුඟක් මහන්සි පාටයි.'

'ඔයාටත් ඒක එහෙම පෙණුනද? මටත් ඒක හිතුණා.'

'හුඟක් සුදුමැලි වෙලා. පොඩි දෙයක් කරත් එයාට මහන්සියි. මොකක් හරි ලෙඩක් වගේ කියලත් මට බයයි ජූන්. එයාට එච්චර හොඳ අතීතයක් තිබ්බෙත් නැහැනේ.'

නම්ජුන් තම සැමියාගේ දෙස අන්ධකාරයේම බැලුවේය. 'අපි එයාව දොස්තර කෙනෙක්ට පෙන්නමුද?'

'ඕයි මෝඩයෝ මම දොස්තර කෙනෙක්නේ!'

'අමතක වුණානේ හ්‍යුන්ග්!'

ජින්ගේ නම්ජුන්ගේ හිස්කෙස් වලින් ඇද්දේය. 'මෝඩයා...'

එයට පිළිතුරු ලැබුණේ ජින්ගේ තොල් වලටය. තමාගේ ඉණ වටා නම්ජුන්ගේ දෑත් දිවෙන අයුරු ජින්ට දැණිනි.

මද වේලාවකින් නිහඬ කාමරය කෙඳිරීම්වලින් පිරී ගියේ ඔවුන් දෙදෙනා ඔවුන්ගේ නිදහස විඳිද්දීය.

________________

වතුර මල යට වතුරේ පහස විඳිමින් සිටි ටේහ්‍යුන්ග්ට තම නග්න ඉඟ වටා ජන්ග්කුක්ගේ දෑත් එතෙණු දැණිනි. වතුර මල වසා දැමූ ටේහ්‍යුන්ග් ඔහුගේ සිරුර ජන්ග්කුක්ට තද කළේය.

'මම නාවන්න ඕනද ඔයාව?' වැඩිමලා (ජන්ග්කුක්) ඇසුවේ සබන් කෑල්ලක් අතට ගනිමිනි.

'නාවනවනම් කොච්චර දෙයක්ද?'

සබන් සිරුරෙහි අතුල්වනවා වෙනුවට ජන්ග්කුක් තම දෙතොල් ටේහ්‍යුන්ගේ ගෙල මතින් තැබුවේය.

'හ්‍යුන්ගී...'

'ම්ම්ම්?'

'ඔයා මාව බඳිනවද?'

'නැතුව' ටේහ්‍යුන්ග්ගේ ගෙල මත දම් පැහැති සලකුණක් ඉතිරි කරමින් ජන්ග්කුක් මැතිරීය.

________________________

කතාව ඉවර වෙන්නයි යන්නේ...

ඒකයි චැප්ටර්ස් කොට, සහ මගේ ඇස් දෙක හොඳටම දැවිල්ලයි මේක දිහා බලන් ඉඳලා ඒ නිසා සමාවෙන්න ඕන.

මේ කතාවෙන් පස්සේ ආයෙත් මාසෙකට එන්නේ නැහැ.

ඒ වගේම කියන්න දේකුත් තියෙනවා. මගේ කතාවක් මට ලියන්න කම්මැලියි. ඒක ලියන්න ආසෙවක් තියෙන කෙනෙක් මට DM කරන්න. තව චැප්ටර් එකයි ඒකේ ලියන්න තියෙන්නේ.

:D

You are still beautiful
Just hold me silently like you did that day, that time
The reason I survived in hell
It's for you, it was not for me
If you know, don't hesitate and please save my life
I'm thirsty wandering this desert without you
So hurry and grab me quickly

- Min Yoongi - Make it right - Bridge part -


𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now