- 25 - [Finale]

1.6K 348 50
                                    

ජිමින් ජීයන්ග් කියූ පරිදි ඔහුගේ උපන්දිනය දා කහ පැහැති කුඩා මල්ල විවර කළේය. එහි කුඩා ලියුමක් සමඟ මාලයක් තිබිණි.

ජිමින්,

මම හිතනවා ඔයා මේක උපන්දිනේ දවසේ අරින්න ඇති කියලා. සුබ උපන්දිනයක්. මේ මාලේ හන් පවුලේ සලකුණ. ඔයා ළඟදිම මින් කෙනෙක් වෙන නිසා මේ මාලේ ඔයාට. මැරෙන වෙලාවට මම ඕක දාගෙන මැරෙන්නද? ඒ නිසා මේක ඔයාට. ඉක්මනින් හන් පවුලේ කෙනෙක් වෙන්න. මගේ සුබ පැතුම් ඔයාට මගේ අයියගේ හදවත දිනාගැනීම වෙනුවෙන්. එයාව බලාගන්න.

- හන් යුන්ජි/ ලී ජීයන්ග් -

_____________________

සියල්ල සතුටුදායක ලෙස විසඳිනි. ජීයන්ග්ගේ මියගොස් අවුරුද්දක් වන විට හොසෙක්ගේ සහ රියුජින්ගේ දියණිය ඉපැදී සිටියාය. ජීයන්ග්ගේ කැමැත්ත පරිදි ඇය ලී යුන්ජී යන්ග් විය. (Lee Yoonji Young)

යුන්ගි සහ ජිමින් විවාහ වූයේ යුන්ජීගේ උපතට පසුය. ඔවුන්ට ඒ ළදැරිය ජීයන්ග් බවට දැඩි විශ්වාසයක් තිබිණි.

ටේහ්‍යුන්ග් සහ ජන්ග්කුක් යුන්ගිගේ විවාහයෙන් මාස හයකට පසුව විවාහ වූහ. ඔවුන් දෙදෙනා දරුවෙකු හදා වඩා ගත් අතර ඔහු ජේ ගුක්ටේ විය. 

අරියා නම්ජුන්ගේ සහ ජින්ගේ යටතේ වැඩී නිසි වයසට පෙම්වතියක් සොයාගෙන තිබිණි.

ඔවුන් සියල්ලන් සතුටින් ජීවත් වූහ.

නමුත්,

නිදහස වෙනුවෙන් සටන් කළ,

නිදහස වෙනුවෙන් ළමා කාලය නැති කරගත්,

සියල්ල අහිමි වූ නමුත් බලාපොරොත්තුව නැති කර නොගත්,

තමා මියයන බව දැන ගෙනත් අනෙකා වෙනුවෙන් සථිරව සිටි ජීයන්ග් ඔවුන්ගේ හදවත්හී සදා නොමැකෙන මතකයක් සේ ඇඳී තිබිණි.

__________________________

__________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now