- 10 -

1.7K 355 69
                                    

අරියාව හා ජීයන්ග්ව නැවත සිරකුටියට ඇදගෙන ගිය පසු යුන්ගි කලේ අරියාව පමණක් ඇතුලට තල්ලු කිරීමයි. ජීයන්ග්ගේ දෙපා ලෙයින් නැහැවී තිබුණු අතර ඇයද සිටියේ දහඩියෙන් තෙත්වී අඩ සිහියෙනි.

'ඔය මොකක්ද කරන්නේ?' ජිමින් ඇසුවේ යුන්ගි ජීයන්ග්ව ඔසවා ගත් විටය.

ජීයන්ග් යමක් මිමිණුවද කිසිවෙකුට හෝ එය පැහැදිළි වූයේ නැත. යුන්ගි ජීයන්ග්ව ඔසවාගෙන යද්දී ජිමින් අරියාව බදාගත්තේය.

________________

ජීයන්ග්ව තම ඇඳ මතින් දිගා කළ යුන්ගි ඇඳ කොණක හිඳ ගත්තේය. 'මෝඩ කෙල්ල... ඇයි මෙහෙම කරගත්තේ? ඈ? කාට වද දුන්නත් ඔයාට දැනෙන්නේ නැහැනේ. දැන් ඉතින් විඳවන්නේ ඔයානේ...'

'මෝඩයා...' ජීයන්ග් වේදනාවෙන් කෙඳිරුවාය. ඇගේ දෑසින් කඳුළු බේරීමට පටන් ගෙන තිබුණි.

'මම නෙවෙයි ඔයයි මෝඩයා. ඒක අර කෙල්ලට දෙන්න තිබ්බ දඬුවම මෝඩියේ!'

'තමුන් මිනිහෙක්ද යුන්ගි?'

යුන්ගි පිලිතුරක් නොදී ඇය ඇඳ සිටි ස්වේටරය එසවූවේය. 'ඔයා කන්නේ නැද්ද? ඇට විතරනේ?'

ජීයන්ග්ගෙන් පිළිතුරක් නැති තැන යුන්ගි සෙමෙන් ඇගේ කලිසමේ දාරය මතින් අත තැබුවේය. ඔහු එක්වරම ගැස්සුණේ ජීයන්ග් දැඩි පහරක් ඔහුගේ අතට එල්ල කළ නිසාය.

'ඔහේ මොනාද කරන්නේ?'

'ඔයාගේ කකුල් දෙක තුවාල වෙලා ඒකට බෙහෙත් දාන්න හදන්නේ?'

'අල්ලන්න එපා මාව....'

'හන් යුන්ජී! මං තමුන්ගේ අයියා!'

ජීයන්ග් වේදනාවෙන් තමාගේම ඇඟ සූරා ගත්තාය. 'කවදා ඉඳන්ද?'

යුන්ගි නිහඬ විය.

_______________________________________________

යුන්ගිගේ ඇඳ මතම නින්දට වැටී සිටි ජීයන්ග්ට රාත්‍රියේ ඇහැරිණි. 'අරියා...'

ඇය ඇඳෙන් බැසීමට උත්සාහා කළ විට දැණුනේ තමාගේ දෙපා තවදුරටත් නැති බවකි. විදුලි මෝටරය ඇයව අඩපණ කර තිබිණි.

'යූන් ජී... ඔයා කොහෙද යන්නේ?' ජනේලය දෙස බැලූ ජීයන්ග්ට සඳ එළියෙන් යුන්ගිව දැක ගත හැකිවිය.

'හිටපු කූඩුවටම යන්න ඕන

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

'හිටපු කූඩුවටම යන්න ඕන...'

'යූන් ජී....'

'ඔයා මගේ අයියා නෙවෙයි... මම යූන් ජීත් නෙවෙයි. මම ලී ජීයන්ග්, අයිගරා හමුදාවේ කළු බැළලි.'

යුන්ගි කඳුළු දෑසට ඒම වලකා ගැනීමට උත්සාහා කරමින් තම හඬ අවදි කළේය. 'ඔයා ලී ජීයන්ග් වෙන්න කලින් මගේ නංගි. හන් යූන් ජී. හොසෙක්ගේ ඥාති සහෝදරී. ග්‍යුම් ජේගේ පුංචි සුරංගනාවි.'

ජීයන්ග් හඬන්නට ගත්තාය. 'ඔයාලා මාව නැති කරලා දැම්මා. මට ඕන නැහැ තව ගෑනු ළමයෙක්ට ඒක වෙනවා දකින්න. යුන්ගි අපි සේරම මිනිස්සු...'

'සමලිංගික කියන එක වැරැද්දක්,' යුන්ගි ඇරඹුවත් ජීයන්ග් කඩා පැන්නාය.

'එහෙනම් වෙන එවුන් මරන්න කලින් තමුන් මැරියන්! තමුසෙත් සමලිංගිකයෙක් ජෙනරල් හන්! හැමදේම රහසක් විදිහට හැමදාම තියෙන්නේ නෑ... තමුන්ගේ දවස එනකන් ඉන්නවා!'

_________________________________

බොහොම අමාරුවෙන් ලියා ඉවර කළෙමි මේ පරිච්ඡේදයත්.

මට download කරගන්න හොඳ සිංදු ටිකක් කියලා යන්න ළමයිනේ...

හෙට පුළුවන් වුණොත් දෙන්නම් මොකද තාම ලියන්න හිතලවත් නෑ ඒ චැප්ටර් එක...

<3

මගේ සූටි Daehwi බබා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

මගේ සූටි Daehwi බබා....

𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Tempat cerita menjadi hidup. Temukan sekarang