- 9 -

1.6K 352 38
                                    

'ජෙනරල් හන්...' දොරට තට්ටු කරන ශබ්දයක් ඇසිණි.

'දණ ගහගන්න...' යුන්ගි කෙඳිරුවේය.

'ඒ මොකද?'

'මට ඕන නැහැ මැරුම් කන්න...'

ජීයන්ග් ඇස් කරකවමින් හිඳගෙන සිටි තැනම දණගසා ගත්තාය. 'තමුන්ව මම මරනවා හන් යුන්ගි...' 

'ඒක පස්සේ බලමු...' 

යුන්ගි දොර විවර කළ විට ගැහැණු ළමයෙක් ඇතුළට විසි විණි. ඇය හඬමින් සිටි බව සියල්ලන්ටම පැහැදිළිව ඇසුණු අතර එක්වරම කාමරයට පැමිණි සෙබළෙකු ඇයට පා පහරක් එල්ල කළේය.

'මොකක්ද මෙතන වෙන්නේ?' යුන්ගි විමසීය.

'මේ ඉන්නේ හ්‍යුන් අරියා. මැරුණු ජෙනරල් හ්‍යුන් ජොන් සුක්ගේ දුව. අම්මා ඇමරිකානු තාත්තා කොරියානු. ජාතීන් දෙකක එකතුවක් වෙන එකම ලොකු පවක්. ඇරත් මෙයා සමලිංගිකයෙක්...'

ජීයන්ග් යටි උගුරෙන් වමාරන ශබ්දයක් පිට කළාය. යුන්ගි ඔරවා බලමින් නැවතත් අරියා වෙතට බැල්ලමක් හෙළුවේය. 'භාණ්ඩ අංක හතලිස් හතර පාවිච්චි කරන්න. කවුරු හරි... මට ජීයන්ග් එක්ක විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා.'

'මට නම් ඔයා එක්ක විසඳගන්න කිසිම ප්‍රශ්නයක් නෑ ජෙනරල් හන්...'

යුන්ගි ඇයව නොසලකා හැරියේය. සෙබලෙකු භාණ්ඩ අංක හතලිස් හතර ගෙන ආ විට ජීයන්ග්ගේ හුස්ම හිරවිය.

'තමුන්ට පිස්සුද යුන්ගි? ඕක ඔච්චර පොඩි ළමයෙක්ට පාවිච්චි කරන්නේ? එයා මැරෙයි...' 

'කට වහගන්නවා!' එතැනට පැමිණි තවත් එකෙකු ඇගේ කට මිරිකුවේය.

'කට වහගන්න කියන්නේ ඇයි? එයා මැරුණොත් ඕකෙන්?'

'ලී ජීයන්ග්...' යුන්ගි මැතිරීය.

'යුන්ගි ඔයාට තේරෙන්නේ නැද්ද ඒක කොච්චර වේදනාවක් දෙයිද කියලා? ඇරත් බලන්න එයා පාෙඩි ළමයෙක්නේ...'

'ඔයත් පාෙඩි ළමයෙක් ජීයන්ග්.'

'හොඳයි මම ඒක දන්නවා. ඒත් ඔය භාණ්ඩ අංක හතලිස් හතර මට පාවිච්චි කරනකොට මට අවුරුදු එකොළහයි. මම දවස් දෙකක් විතර සිහි නැතුව පවා හිටියා. ඕක සෑහෙන්න වේදනාවක් දෙනවා යුන්ගි...'

𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now