- 8 -

1.7K 363 75
                                    

ප්‍රශ්නය getting worst inside me~

මේක upload නාෙකිරීමෙන් මට කිසිවක් නොලැබෙන නිසා here you go!

____________________________________


ජීයන්ග් කඳුළු බේරෙන දෑසින් යුන්ගි දෙස බලා සිනාසුණාය. 'ඔයාට මගේ නම මතක තිබ්බ එකත් ලොකු දෙයක් යුන්ගි...'

'මම ඔයාගේ නම කිව්වා ඇයි ඔයාට මට අයියා කියන්න බැරි?'

'මොකද ඔයා අන්තිමට අයියා කෙනෙක් වගේ හැසිරුණේ මීට අවුරුදු අටකට කලින් යුන්ගි... ඒ නිසයි.' ජීයන්ග් මිමිණුවාය. 'අයියා කියන්නේ නිකමට කියන දෙයක් නෙවෙයි...'

යුන්ගි මුව විවර කළේය. 'මට..'

'සමාවෙන්න කියන්නද හදන්නේ පහුගිය අවුරුදු අටටම?'

'නැහැ... මට කියන්න මීට කලින් අවුරුදු වල මොනවද වුණේ කියලා... එදයින් පස්සේ?'

'කවදයින් පස්සෙද?'

'මම ගිය දවසෙන් පස්සේ?'

ජීයන්ග්/ යුන්ජි බිම හිඳ ගත්තාය. 'ඒක සෑහෙන්න දිග කතාවක්...'

යුන්ගිද බිම හිඳ ගත්තේය. 'මට කියන්න.. කමක් නැහැ...'

ජීයන්ග් සුසුමක් හෙලීය.

'ඔයා හොසෙක් එක්ක ගියා... හමුදාවට. ඊට මාස දෙකකට පස්සේ හමුදාවෙන් අපේ ගෙදරට ආවා. එයාලා තාත්තවයි ග්‍යුම්ජේ වයි මැරුවා. නිකන්ම මම බලන් ඉඳිද්දිම මරලා දැම්මා. පස්සේ වෙච්ච දේවල් ඉතින් ඔයාලා මට පහුගිය දවසේ කර ටිකම මටයි අම්මටයි කළා. යුන්ගි.... මට අවුරුදු අටයි එතකොට.... ඒක හිතාගන්න බැරි තරම් වේදනාවක්. මැරුණේ නැති එකම ලොකු දෙයක්... පැය හතරක් යනකොට අම්මවත් මරලා ඉවරයි. මම විතරයි ඉතුරු වුණේ. එයාලා මාව අරන් ගියා. රට වටේම තිබ්බ හිර කඳවුරු වල අවුරුදු තුනක් හිටියා. මරවලා වැඩ ගත්තා අපි හැමෝගෙන්ම. හැමදාම අපි හිරවෙලා හිටපු අය අතරින් කවුරු හරි මැරුණා. නැත්නම් මැරුවා. සෑහෙන්න දරුණු කාලයක්. වචනයක් වැරදුණත් මරලා දැම්මා. රෑට එයාලා ඇවිත් කාවහරි කෙල්ලෙක්ව අරන් යනවා. වද දීලා පාවිච්චි කරලා විසි කරනවා. වයස, ඉන්න තත්වය එයාලට වැඩක් නැහැ... අපෙන් ගොඩක් අය මැරුණේ ලේ ගිහින් හරි පෝෂණය මදි වෙලා හරි. අපි නිකන් බෝනික්කෝ වගේ පාවිච්චි වුණා. එක පිරිමි ළමයෙක් සමලිංගිකයි කියලා අහුවුණොත් දවස් දෙකක් ජීවත් වුණේ නෑ. වද දුන්නා මැරුවා. අඳුරු බලාගාරය කියන වධකාගරයටට තමයි මාවයි තව දාසය දෙනෙක්වයි ගෙනිච්චේ අන්තිමට. අපි දාහත් දෙනාගෙන් හතර දෙනෙක්ට පහළවක් විතර. මටයි තව තුන්දෙනෙක්ටයි එකොලහයි. අවුරුදු අටක් වෙච්ච දෙන්නෙකුත් හිටියා. ඒ දෙන්නා මුල් දවසෙම මහන්සියට මැරුණා. අනිත් අය නම් විස්ස පහු වුණ අය. වධකාගාරේ නොදුන්න වදයක් නෑ. අපි බාගෙට මැරිලා ඉඳිද්දි තමයි අයිගරාලා ඇවිත් අපිව බේර ගත්තේ. අයිගරා කෙනෙක් වෙන්න පුහුණුව දුන්නා කැමති අයට. මම අවුරුදු පහක් අයිගරා කෙනෙක් විදහට හිටියා. දැන් ඉතින් මෙතන මගේම අයියා මාව පාර මැද්දේ විනාස කරලා දැම්මා...'

කතාව අවසානයේ ජීයන්ග්ට වඩා වෙහෙසකර බවක් යුන්ගිට දැණිනි. තමාගේම නැගණිය එසේ විනාශ කර දැමීම ගැන ඔහුට කණගාටුවක් හා වේදනාවක් දැණින. නිවස හමුදාව විසින් විනාශ කර දැමුවේ ඔහු සහ හොසෙක් නිසි වයසේදී හමුදාවට නොබැඳුණු නිසාය.

මේ සියල්ල ඔහුගේ වැරදිය.

සියල්ල ඔහු අතින් සිදු වූ ඒවාය.

ඔහු ජීවිත විශාල ප්‍රමාණයක් නැති කර දැමුවේය.

එය අසාධාරණය.

සාධාරණත්වයට වඩා නීතිය පිළිගැනීම ඔහුට දැන් එපා වී තිබිණි.

___________________________________

අටක් ඉවරයි....

මට නිදිමතයි. මම උදේ දෙක වෙනකන් පිස්සු නටලා උදේ හයට නැගිටලා නිදි කිරනවා...

මේ සතියේ තත්වය...

BE MINE~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

BE MINE~


𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now