- 7 -

1.8K 367 136
                                    

අද double update මොකද කියලා අහන්න එපා. හෙට දෙන්න වෙන්නේ නැහැ. මම සෑහෙන ලොකු ඉටි ගෙඩියක් ඔළුවට ඔබාගෙන ප්‍රශ්නයක් හදන් ඉන්නේ. කොහෙත්ම ලියන මානසිකත්වයක් නෑ. මේ දවස් දෙක තුනක් විතර මම නිකන් හිටියත් මුකුත් හිතන්න එපා. ලියනවා ලියන්න හිතුණු වෙලාවෙම. ඒත් මේ වෙලාවේ mood එක සෑහෙන්න අවුල්.

මුකුත් අහන්න එපා. කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඔය සමහරුත් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඇති මගේ වයසෙදි හෝ තාමත් මුහුණ දෙනවා ඇති. ඒ හැමෝටම ඒ ප්‍රශ්නය විසඳ ගන්න ලැබේවා කියලා පතනවා. ගෑනු පිරිමි භේදයක් නැතුව අපි කොටසක් ඒකට මුහුණ දෙනවා.

:D

Fighting!

_________________________


'ඔයා ඔය මොකක්ද කරන්නේ?' ජිමින් විමසුවේය.

'මේ කාමරේ උෂ්ණත්වේ කීයද?' ජීයන්ග් ප්‍රශ්න කළේ ජිමින්ව නෑසුනාක් මෙනි.

'මම කොහොමද දන්නේ?'

'ෆැරන්හයිට් පනස්නමයක් විතර. ඒ කියන්නේ සෙල්සියශ් අංශක 15කට ආසන්නයි.'

'කොහොමද දන්නෙ?' ජිමින් ඇසුවේ පුදුමයෙන් විවර වූ මුවකිනි.

'උදේ කීයටද නැගිටින්නේ?'

'පහයි තිහට'

'පහයි තිහට සාමාන්‍ය උෂ්ණත්වය ඒ තරම් වගේ තමයි. දැනුත් දැනෙන්නේ ඒ විදිහටම නේද?' ජීයන්ග් ඇහිබැමක් ඔසවමින් විමසුවාය.

ඔහු උරහිස් ඇකිළුවේය.

'මෝඩයා... සංවේදන නැද්ද? සංවේදකයක් තියෙනවා නම් ඔහොම හැසිරෙන්නේ නැහැ...'

'සංවේදක නෙවෙයි අන්න සෙබළු එනවා... මරන් කයි මේ සැරේ අපි දෙන්නගේන් එක්කෙනෙක්ව...' 

'මරු... මැරෙන්නමයි ආසාවෙන් හිටියේ... ඒකත් ජෙනරල් හන් මොට්ටයා අතින් මැරෙන එක කොච්චර වාසනාවක්ද?' ජීයන්ග් ඇද කරන හඬක් නැගුවාය.

'ලී ජීයන්ග්! තමුන්ව ජෙනරල් හන් අරන් එන්න කිව්වා.' 

'කියනකන් හිටියේ... ඇත්තමයි ඔයාලගේ නම් කිසිම රසයක් නැහැ...' 

𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now