10K Views? 2K votes?
OH GOD IT MEANS A LOT EVERYONE! THANK YOUUUUUUUUUUUUUU
________________________________________________________________
හැමෝම දන්නවා දැන් අපේ කතාව සම්පූර්ණයි කියලා. ඒත් මං දැන් කියන්න යන්නේ අරියා ගැනයි. ඒ චැප්ටර් එක කියවන ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
_________________________________________________________________
සිකුරාදා දිනක උදෑසන අරියා අවදි වූයේ ජිමින් පාසල් යන්නට ඇති බව මතක් කරමින් බෙරිහන් දෙන්නට වූ නිසාය.
'ඇත්තමයි...' අරියා හිතින් ශාප කලේ දත් මිටි කමිනි. පෙර සතියේ ජීයන්ග්ගේ මරණයෙන් අවුරුදු තුන පිරුණා පමණි. වේදනාව දරාගත නොහැකි තරම් අසීරු වුවත් අරියා කඳුළු නොහෙලා සිටියාය. ජීයන්ග් සැම විටම කීවේ ශක්තිමත්ව ඉන්න කියාය. ඉතින් ඇයට එලෙස ඉන්නට සිදුවිය.
'එනවාා!' යුන්ගි කතා කල පසු දෑස් පිසදා නැගිටගත් ඇය පඩිපෙල බැස පහල තට්ටුවට ගියාය. ඇය යන විට ටේහ්‍යුන්ග් ජන්ග්කුක් සමඟ නිවස පිරිසිදු කරමින් සිටියේය.
'සුබ උදෑසනක් වේවා කම්මැලි කෙල්ල!'
'හුම්ම්...'
ජින් උයමින් සිටි අසලට ගිය අරියා ඔහුව පිටුපසින් බදා ගත්තාය. 'ගුඩ් මෝනින් අම්මේ...'
'හෙලෝ මෙන්න අපේ කම්මැලි කෙල්ල නැගිටලා නේ... අද ඉක්මනට ලෑස්ති වෙන්න ඉස්කෝලේ යන්න!'
කෑම මේසය සූදානම් කරමින් සිටි ජිමින්ට රවා රියුජින් අත සිටි යූන්ජීව සුරතල් කල ඇය පාසල් යාම සඳහා සූදානම් වූවාය.
ජීවිතය බොහෝ කම්මැලි එකක් බව ඇයට සිතිණි. උදේට පිරිසිදු වී පාසල් යාම නැවත පැමිණිම, වැඩ කටයුතු සම්පූර්ණ කිරීම. සෑම දිනකම එකම චක්‍රයයි.
___________________________________________
පාසලට ලං වීමෙන් පසුව ඇයට දුර තියාම තමා කැමති පාසල් ශිෂ්‍ය නායිකාව ගේට්ටුව අසල සිටිනු පෙනිණි.
අරියා තමාගේ සාය හදාගත්තාය. ජීයන්ග් දුන් කළු බූට් සපත්තු හොඳින් මැද තිබුණු නිසා තමාගෙන් පාසලේ නීතියක් නොකැඩෙන බවට ඇය තහවුරු කරගත්තාය.
YOU ARE READING
𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]
Fanfictionසමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුවම නම් විරුද්ධ ලිංගිකයෙක් අතින් අතවරයට ලක් වීමයි. 𝐧𝐨𝐭 𝐚 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧