- 5 -

1.9K 382 182
                                    

ජිමින් තම ගෙල වටා තිබූ පටිය ඉවත් කිරීමට දැඩි උත්සාහයක් දැරුවේය. යුන්ගිගේ දෑත් වලින් පටිය ජිමින්ගේ ගෙල වටා තදින් එතී තිබූ අතර සෑම තප්පර දහයකට වරක්ම ඔහුගේ සිරුර පුරා  විදුලිය සැරයක් පැතිර ගියේය.

'එපා...' ජිමින් මැතිරුවේය.

යුන්ගි තව තවත් පටිය ඔහුගේ ගෙල වටා තද කරන්නට විය. 'තමුන් ඉගෙනගන්නවා මොකක්ද වේදනාව කියන එක දැන්වත්...' 

'මම මැරෙයි... හුස්ම ගන්න බැහැ...' නවකයාගේ දෑසින් කඳුළු වැගිරෙමින් තිබුණු අතර ඔහු දැඩි ලෙස හුස්ම ගන්නට වෙර දැරීය.

'මැරෙනවා... මැරෙනවා ඉතින්... තමුන් වගේ සමලිංගිකයෝ මේ ලාේකෙට ඕන නැහැ...'

'ජෙනරල් මින්... සමලිංගකයෙක් වෙන එක වැරැද්දක් නෙවෙයි...'

'කට වහගන්නවා!'

යුන්ගි විදුලි පටිය අත හැරියේය. ජිමින් ගෙල අල්ලාගෙන බිම වැටුණි. ජෙනරල්වරයා ඔහු අසලින් දණ ගසා ගත්තේය.

'තමුන් ආයෙත් යුන්ජි ගැන වචනයක් හරි කිව්වොත් යුන්ජිව එයාලා මරපු විදිහටම මම තමුසෙවත් මරලා දානවා.. තේරුණාද?'

'ඒත් ජෙනරල් මින්...'

යුන්ගි කෝපයෙන් දැල්වුණු දෑස් සහිතව ජිමින්ගේ ගෙල මිරිකුවේය. 'මම එක සැරයක් කිව්වා නේද?'

'ජීයන්ග් කියන්නෙත් පාෙඩි ළමයෙක්...' ජිමින් තම වාක්‍ය සම්පූර්ණ කළේ අපහසුවෙනි.

'මම ඒක ගැන බලා ගන්නම්, පාර්ක්. ම්ම් තමුන් සේවයට ඇවිත් කොච්චර කල්ද?'

'අවුරුද්දයි ජෙනරල් මින්...'

'ඒක තමයි ඔච්චර මෝඩ!'

____________

ජිමින්ව නැවත සිර කුටියට රැගෙන යන විට ජීයන්ග් බිම වාඩි වී බලා සිටියාය.

ඇයට හරිහමන් ඇඳුමක් දී ඇති බව දුටු ජිමින්ගේ මුහුණට වේදනාත්මක සිනහවක් නැගිණි.

ඇයට හරිහමන් ඇඳුමක් දී ඇති බව දුටු ජිමින්ගේ මුහුණට වේදනාත්මක සිනහවක් නැගිණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now