🌼Sunshine🌼

1.7K 339 255
                                    

"හොබා.."
මේ පැය දෙක තුන ඇතුලත දෙලක්ශ තිස් දෙවෙනි වතාවටත් කවුරුහරි මගෙ නම කියලා කතා කලා.

"දේ..මන් හොඳින්" දෙලක්ශ තිස් දෙවෙනි වතාවටත් මන් ෆෝන් එක දිහා බලන්ම උත්තර දුන්නා.

"ඔහොම ඉන්නෙපා හ්‍යොන්ග්.." ජිමිනත් ආයෙම එකම එක කිවුවා.

"ම්ම්ම්ම්.." ෆෝන් එක ඕෆ් කරපු මන් ෆ්ලයිට් එකේ නිදාගෙන ඉන්න ශීට් එකේ අනිත් පැත්තට හැරිලා ඇස් දෙක පියාගත්තා.

"හ්‍යොන්ග්.. ජිමිනා කිවුවෙ ෆෝන් එක ගැන නෙවෙයි කියලා ඔයා දන්නව නේ.
ඔය මූඩ් එකට මොකද වෙලා තියෙන්නෙ? ඔයා මේ දවස් ටිකේම ඔහොමයි." ටේත් එපාර කෑගහන්න ගත්තා.

"මට මහන්සි ටේ. මන් ටිකක් නිදාගන්නව." එහෙම කිවුව නිසා ටේ තව මුකුත් කිවුවෙ නෑ.වර්ල්ඩ් ටුවර් එකේ අන්තිම කොන්සර්ට් එක ජපානෙ තියෙන නිසා අපි හිටියෙ ෆ්ලයිට් එකෙන් එහෙට යන ගමන්. යන අතරමඟදි අනිත් අය නින්දට වැටුනෙ ෆ්ලයිට් එකට හුඟක් වෙලා යන නිසයි.මේ ප්‍රශ්න වලින් බේරෙන්න පුලුවන් හොඳම විදිහ නින්ද කියල හිතුනත් නින්ද මගෙ අහලකටවත් ආවෙ නෑ.

මහන්සියක් දැනුනත්,මහන්සියට වඩා මගෙ සිහිය තිබුනෙ නේහා ලඟ. ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් ටුවර් එක අතරමැද ලිලී එක්ක නේහා මාව බලන්න ආවත් එයා යන දවසෙ එයාගෙ ෆ්ලයිට් එකට පැය ගානකට කලින් අපි අතර පොඩි අවුලක් ගියා.

ඒකට හේතුව වුනේ අපේ ප්‍රෆෝමන්ස් එකේ අවුලක් නිසා මම පොඩ්ඩක් කේන්තියෙන් ඉන්න වෙලාවක නේහා මොනාදෝ කියන්න ගිහින් මට තවත් කේන්ති ගියපු නිසා එයාට හුඟක් කෑගැහුව එකයි.ඒක නේහාගෙ වරදක් නිසා නොවුනත් මන් සමාව නොගෙනම එතනින් යන්න ගියා.

ඒත් ආයෙත් ඇවිත් නේහව හොයලා බලද්දි එයාලා එයාර්පෝර්ට් එකටත් ගිහින් ඉවරයි. ආන්ස්වර් නොකරපු කෝල් බර ගානකට පස්සෙත් මන් කෝල් කරල කරලම එයාගෙ හිත ටිකක් හැදුවත් මට මොකක්දෝ අඩුවක් දැනුනා. ලිලියා හැමදාම වගේ පැය ගානක් කතා කලත් නේහා විනාඩි පහක්වත් කතා නොකරන එකට මට පුදුම හිතුනා.

කොච්චර ඇහුවත් එයාගෙ උත්තරෙ වුනේ "කිසිම ප්‍රශ්නයක් නෑ හෝසොකා" කියන එකයි.ලිලියගෙන් ඇහුවම එයාත් හරි උත්තරයක් දුන්නෙ නෑ වගේම අජුම්මත් හැමදේම හොඳින් කියන එක මේ අවුල තවත් වැඩි කලා.ඒ නිසා මේ සති දෙක තුනම මන් හිටියෙ ඒක ගැන හිත හිත.

JHope's Lily | JHS |✔Where stories live. Discover now