Chapter - 20

1.8K 361 116
                                    

මන් ලිලීගෙන් කොච්චර ඇහුවත් ලිලියා මට කිසිම දෙයක් කියන්නැතුව හිනාවෙවී හිටියා.අනේ මන්දා මෙච්චර මට මොනවා හන්ගනවද කියලා.

එදා හවස් වෙලා ගෙදර ආපු හොබියා මාවත් එක්කගෙන තැනකට යන් කියලා අරන් ආවා.ඒත් මට යන තැනවත් නොකියා අන්තිමට මාව එක්කන් ඇවිත් තිබුනේ අපේ apartment එකට.
මන් ඇස් දෙකත් ලොකු කරම් බලන් ඉන්නකොට එයා hood එකත් දාගෙන හිනා වෙවී මාත් එක්ක apartment එකට ආවෙ car එකේ back seat එකෙන් ගත්ත bags වගයකුත් අරන්.හසියා හොබියව දැකලා පොඩ්ඩක්වත් පුදුම නොවුන නිසා මට මෙතන තිබුන හොරයක ඉවක් දැනුනා.

"මන් ටිකක් එලියට ගිහින් එන්නම්"
කියලා හසියා අපේ දිහා බලලා හිනා වෙවී එලියට ගියා.

එයා එලියට ගියපු ගමන් මන් ලගට ආව හොබියා මගේ ඉන වටේ අත් දෙක පටලවලා මාව එයාගේ ලගට ඇදලා ගත්තා.එයා දිහා බලන් ඉන්න මගේ මූනට එයා හෙමීට පහත් වුන නිසා මන් ඇස් දෙක පියාගත්තත් ඊට පස්සේ මට ඇහුනේ මගේ කනට කොදුරන හොබියගේ කටහඩ.

"මටත් ඉක්මනට ඕක කරන්න ඕනේ.ඒත් තාම හරිම වෙලාව ආවේ නෑ.ඒ නිසා ටිකක් ඉවසලා ඉන්න වෙනවා"

මන් ඒවෙලාවේ හොබියව තල්ලු කරලා තරහෙන් වගේ පිටිපස්ස හැරුනා.

යකූ.. හැම වෙලේම මෙහෙම කලාම හරිද?මන් පවුනේ.

හොබියා ඒ වෙලාවෙම මාව පිටිපස්සෙන් බදාගෙන මගේ උරහිසෙන් ඔලුව තියාගත්තා.
"අයියෝ ඔහොම තරහ ගන්නවද? හරි හරි මගේ වැරැද්ද ආයේ ඔහොම කරන්නැහැ...
ම්ම්ම්ම්.. මන් හෙට හවස ඔයාව ගන්න වාහනේ එවන්නම්. එතකොට මේ බෑග් එකේ තියෙන ටික ඔයාට උදවුවක් වෙයි."

හොබියා සෝෆා එක උඩ තියලා තිබුන එයා ගෙනාව බෑග් ටික පෙන්නන ගමන් කිවුවා.ඒ වෙලාවෙම එයාගේ පැත්තට හැරුන මන්,
"ඔයාලා දෙන්නා එකතුවෙලා ආයේ මොකක් හරි කරන්නද යන්නේ? බෑග් එකේ මොනවද තියෙන්නේ? ඇයි දැන් මාව මෙහෙට හදිස්සියේ එක්කන් ආවේ?"

"පුදුම ප්‍රශ්න තොගයක්නේ.ම්ම් හරි මේ ඔක්කොම ප්‍රශ්න වලට හෙට උත්තර ලැබෙයි. ලෑස්ති වෙන වෙලාවට විතරක් බෑග් ටික අරින්න.එහෙනම් මන් යන්නම්.ඔයාගේ යාලුවව ගොඩාක් වෙලා එලියේ තියෙන එක හොද නෑනේ."
කියපු හොබියා මගේ නලළට කිස් එකක් දීලා hood එකත් දාගෙන හිනාවෙවී ගියා.

JHope's Lily | JHS |✔Where stories live. Discover now