Chapter-02

1.5K 372 22
                                    

"Bunny ව දැකීම කෙසේ වෙතත් අපි දෙන්නා අපිව දැක්කොත් ලොකු දෙයක්."මං එහෙම කිව්වෙ පලවෙනි දවසෙම අපිට තිබ්බ ලොකු ලෙක්චර් එකෙන් පස්සෙ.

Bighit එකේදී follow කරන්න වෙන rules ගොඩක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියත් මෙච්චර තද නීති ගොඩක් ඇති කියලා මන් හිතුවෙම නෑ.

"ඒක නම් ඇත්ත,ඇහුනද කියනවා කොයි වෙලාවකවත් තමන්ට අයිති section එකෙන් පිටට යන්න බෑ කියලා"හසීගෙ මූන ඇඹුල් එකෙත් අන්තෙටම ගිහින් තිබුනා..

"ඔව් ඔව්,දැන් ඉතින් කුම්බලා මාලු කෑවනම් විදවපන් බළලෝ"
මගෙ මූනෙත් වැඩි වෙනසක් තිබුනෙ නෑ..

Traineesලා ගොඩක් හිටියා වුනත් අපිව එක එක department වලට බෙදලා තිබුනෙ.ගොඩක් ට්‍රේනීස්ලා korean උනාට foreignersලා කීපදෙනෙකුත් හිටියා.

Finance department එකට පස් හයදෙනෙක්ම හිටියා.අපිව එතන හිටිය senior manager කෙනෙකුට භාර දුන්නා.

"Mans ටිකක් දරුණු පාටයි නේද නේහා?"හසියා කෙඳිරුවා.

"Hey ඔය girl.ඔයාලා මොකද කුරු කුරු ගාන්නෙ පලවෙනි දවසෙම. "

ඔන්න ඉතින් පුදනකොටම කාපි යකා කියලා පලවෙනි දවසෙම බාල්දියක් පෙරල ගත්තනෙ.

"Sorry Sir"
අපි දෙන්නම කිවුවා

"හරි හරි පලවෙනි දවසෙ ඉදන්ම displine තියාගන්න.ඔයාලව මෙතනට ගත්තේ ලොකු විශ්වාසයකින්."

ටිකක් මැදි වයසෙ හිටපු පොඩි බඩකුත් තිබ්බ දරුණු මුනකුත් තිබුන senior manager අපිට කිව්ව නිසා හසියගෙ කැඩිච්ච radio එක දවස තිස්සෙම වගෙ off වෙලා තිබුනෙ.

"අනේ බලනවකො මන් කොච්චර හීන මැව්වද  මගේ bunnyව බලන්න.බලන්න තියා හිතන්නෙවත් කොහෙද?දවස තිස්සෙම අර ජරා office එක අස්සෙනෙ.ඔහොම වැඩ දෙනවද අප්පා පලවෙනි දවසෙම.ඒ මදිවට department එකේ කට්ටිය අදුරගන්න කියලා break එක වෙලාවෙත් එහාට මෙහාට අරන් ගියා.😫"හසියා ගෙදර ආව වෙලාවෙ ඉදන් නඩු කියනවා.

"මොනා කරන්නද ඉතින්,එයාලා ගොඩක් famous company එකක්නෙ.අලුතින් කියලා නෑ වැඩ ගොඩක් තියේ."
මං ඉතින් නඩුව විසදන්න try එකක් දුන්නා.

"ඒ මදිවට අර senior manager 😣😣,ඔහොම  කෲර වෙන්න පුලුවන්ද අනේ.අර තඩි file cupboard එකම සුද්ද කරන්න දුන්නෙ මේ අහිංසක මට."හසියගෙ නඩුව ඉවර වෙන පාටක් නෑ වගෙ.

"මේ ඒක නෙවේ මතකද අර අපිට break time එකෙදී  හම්බුන ඔන්නිව,අර idols ලා එක්ක වැඩ කරනවා කිව්වෙ,makeup artist"මං ඉක්මනට වෙන කතාවක් පටන් ගත්තෙ නැත්තම් මේ බර බරේ එලිවෙනකම්ම අහං ඉන්නවෙන නිසා.

"ආ...ඔව් ඔව් එයාලා හරි friendly නේද අනිත් අයට වඩා.මතකද එයා කිව්වා,මේක ඇතුලේ secrets ගොඩක් තියෙනවා ඒවා දැනගත්තට කමක් නෑ,පිටට දෙන්න හිතන්නවත් එපා කියලා.මොකද කලින් එහෙම වුන අයට කිසිම job එකක ආයෙත් හොයාගන්න බැරි වුනාත් කියලා කිවුවා නේද😮 "

"ඔව් හසියො මට මතකයි..
මොනාද අප්පේ එච්චරටම තියෙන රහස්, ඔච්චර බරපතල rules තියෙන්න තරම්"

ඒක ගෙන බරපතලව හිතන්න හැදුවට
නින්ද ඊට කලින් මාව බරපතලව එයා ලගට ඇදලා ගත්තා.

........................................................................................

JHope's Lily | JHS |✔Where stories live. Discover now