Chapter - 10

1.2K 355 24
                                    

"මොකක්ද...ඒත්.. ඒත්.. Mr.Park...."

"නේහා.. බය වෙන්න දෙයක් නෑ මෙතන.. ඉක්මනට යන්න."

මට එතනින් නැගිටින්න කියපු Mr.Park මගෙ බෑග් එකත් එතන හිටපු guard කෙනෙක්ට දීලා මට යන්න කියලා කිවුවා..

බලන්න මාව එලවන්න තියෙන ආසාව..

ඒත් කොහෙටද මාව මේ සද්දන්තයො දෙන්නත් එක්ක යවන්න හදන්නේ.??!

හසියත් නිකම් මැජික් එකක් දිහා බලන් ඉන්නව වගේ කටත් ඇරන් බලන් ඉන්නවා මිසක් මුකුත් කියන්නෙත් නෑ..

පොඩ්ඩක් යාලුවා වෙනුවෙන් නැගී සිටින්නෙවත් නෑනේ අම්මපා.

මන් හසියගෙ දර්ශන පථයෙන් ඉවත් වෙන්න කලින් ඒ පැත්ත බැලුවාම එයා එයාගෙ ෆෝන් එකත් උස්සලා මොකක්ද මන්ද කියන්න ට්‍රයි එකක් දුන්නා..

මට ඒක තෙරුම් ගියේ 'ෆෝන් එක බලන්න' කියලා වගේ තමා..

ලිෆ්ට් එකෙන් බේස්මන්ට් එකට මාව එක්කන් ගියපු guardsලාගෙන් කෙනෙක් එතන කාර් එකක පිටිපස්ස දොර ඇරලා ඒකෙන් මගේ බෑග් එකත් තියලා දොර ඇරන් ඉන්න අතරම අනිත් කෙනා ඩ්‍රයිවින් ශීට් එකට නැගලා කාර් එක ස්ටාර්ට් කලා.මං ඉතින් මේක දිහා භූතයෙක් දැකලා වගේ බලන් ඉද්දී අර ගාර්ඩ්,

"ඉක්මනට එන්න මිස්, සර් කිවුව මේක හදිස්සියක් කියලා"

සර්!! කවුද සර්!? හදිස්සියක්!!
මෙතන මගේ හදවතත් එකසිය ගානකට ගැහිලා හැදෙන හාර්ට් ඇටෑක් එකේ හැටියට මාව තමා හදිසි ප්‍රතිකාර අංශෙට අරන් යන්න වෙන්නේ මේ යන විදිහට..

'හරි.. මැරෙනවනම් එකපාරයිනේ.'එහෙම හිතලා මන් ඉතින් නැග්ගා..

දොර වහපු අනිත් ගාර්ඩ් ඉස්සරහ අනිත් sheat එකෙන් ඉදගත්ත ගමන් අනිත් කෙනා කාර් එක ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා.

එතකොට ඒ කෙනෙක්ට කෝල් එකක් ආවා.

"ඔව් සර්.. සේරම හරි.. අපි මේ මිස්ව එක්කන් එනවා.
ආහ්.. හරි දෙන්නම්.."

එයා පිටිපස්ස හැරිලා ෆෝන් එක මගේ පැත්තට දික් කලා..

කවුද යකූ මේ සර්..
ඉන්නකෝ මන් බලන්න,මාව මෙහෙම අමු අමුවේ පැහැර ගන්න එකාව..

JHope's Lily | JHS |✔Where stories live. Discover now