Chapter - 04

1.3K 362 87
                                    

කොහොමද Bighit එකේ පොඩි ළමයෙක් ඉන්නෙ? මන් වෙන පොඩි අයව දැකලම නෑ නේ!!! Staff එකේ කාගෙහරි වෙන්නැති !!! එහෙම වෙන්න බෑනේ!! Staff එකේ අයට ළමයි ගේන්න බෑනේ?!ඇයි එයා අනිත් අය එක්ක හිනා වෙන්නේ නැත්තේ?? කවුද මන්දා අර එහා පැත්තෙ හිටියෙ? අම්මාද?ලමයා ගැන ගානක් වත් නෑ..!!එයා ෆෝන් එකේමයි..

අයියූ......
අර චූටි වෙලාවක් දැකපු චූටි බටු ඇටයක් ගැන මන් හිතන තරම..

ගෙදර ආව වෙලාවෙ ඉදන් මන් හිතුවෙම එයා ගැන..

කවුරුහරි ගැන මෙහෙම හිතුව කාලයක් ගැන මතකයක්ම නෑ.
මන් අනිත් අය ගැන හිතන එක නවත්තලා මං ගැන හිතන්න පටන් අරන් ටිකක් කල්..ඒකයි අද මන් මෙහෙම job එකක් හරි කරන්නේ...

"නංගී...ගොඩ එන්න කල්පනාවක් නැද්ද....??"

"මොකෙන්ද??"

"සප්ත මහා කල්පනා සාගරෙන්....
මොකද ඒ තරම් බරටම ගිලිලද? "

"ඔව් ඔව් ගිලිලා ගිලිලා,අතිජාත මිත්‍රයා වුණාම බේරගන්න එපැයි "

"හපූ.....
මන් ඔය මැරෙන්න යන මිනිසුන්ට කරදර කරලා පවු පුරවගන්න මනුස්සයෙක් නෙවේනේ "

"ආ....... එහෙමද හසියෝ????!!!!!!
මෙහෙ එනවකො මං පව පෙන්නන්න.."

අපි දෙන්නගෙ ජාත්‍යන්තර කොට්ටපොර තරඟය ඇරඹුණා.

එක තරගකරුවෙක්ට ජයග්‍රහණය අත ළඟ තිබියදී ඇතිවූ මහන්සිය නිසා සටන පරාජිතයා විසින් දිනා ගත්තා..💨💨

"දැක්කනේ.... මං දස්සයි.... "

හසියා ඉතින් හැමදාම හිතන්නේ එහෙමයි.
කමක් නෑ පොඩි එකාගේ ආසාවනේ.

"ඒක නෙවෙයි බන්.ඇත්තටම කවුද ඒ ළමයා ?"

"අනේ මන්දා උඹත්.ළමයෙක් ගැනම අහනවා.මං නම් දැක්කේ මගෙ බනියව විතරයි ."

"අයියෝ......
ඔයා ගෙන් අහනවට වඩා හොඳයි මන් අපෙ මැනේජර්ගෙන් අහනවා."

"ඉතින් අපි makeup ඔන්නි ගෙන් අහමූ.."

''දැන් දිගටම makeup ඔන්නි කියන්නැතුව එයාගේ නම කියනවද? නැත්නම් අද හම්බුණාට පස්සෙත් හියොන් හී වෙනුවට makeup makeup ගායි"

සතිඅන්තෙ,අපේ පොරොන්දුව ඉෂ්ඨ කරපු හියොන් හී ඔන්නිට අපි ට්‍රීට්එකක් දෙන්න එන්න කිවුවා.එයයි තව එයා එක්ක වැඩ කරන ඔන්නිලා දෙන්නෙකුයි අපි දෙන්නයි කොෆි බාර් එකකට ගියා.

JHope's Lily | JHS |✔Where stories live. Discover now