Chapter - 12

1.2K 341 17
                                    

මන් මේ ඔක්කොම අහගෙන හිටියේ එයා දිහා බලාගෙන..

එයාගෙ හැම ඉරියව්වක්ම ස්ක්‍රීන් එකෙන් දකින දේට වඩා වැඩි වෙනසක් නැති වුනත්..

ඒ ඇස් කිවුවේ වෙනම කතාවක්..

ඒවා හරිම මහන්සි පාටයි..මොකක් හරි ලොකු කතාවක්, දුකක් ඒ ඇස් වල ලියවිලා තිබුණා.. හරියට කවුරුත්වත් දැනගන්නවට අකමැති නිසා හන්ගන් ඉන්නවා වගේ...

"සමාව නම් මමත් ඉල්ලන්න ඕනෙ දෙයක්. ඇත්තටම එදා මට එහෙම කලබලයක් කරන්න ඕනෙ වුනේ නෑ..ඒත්.." මන් කියන්න පටන් ගත්තා.

"ඒත් ඒ වෙලාවේ මන් කියපු දේවල් ඇහුවම ඒක නොකර බැරි වුනා නේද..
ඔව් නේහාශි, මට තේරුම් ගන්න පුළුවන් දැන් ඒක.මට ඇත්තටම සමාවෙන්න.. ඒත් ඒක නිසා මං අහපු දේට බෑ කියලා කියන්නේ නැති වෙයි කියලා මම හිතනවා.."

"මන් ලිලී වෙනුවෙන් මෙහෙ හිටියොත්, ඒකෙන් එයාට හොඳක් වෙනව නම් මමත් කැමතියි මෙහෙ ඉන්න. ඒත් මගේ.."

"ඔයා දැන් ඔයා ජොබ් එක ගැනනම් හිතන්නේ ඒක මට භාර දෙන්න,මන් ඒක බලාගන්නම්..ම්ම්ම් එහෙනම් ඔයා මගේ ඉල්ලීමට එකඟ වෙනවා නේද නේහාශි? "

"ඔව් හෝසොක්ශි,
ලිලී වෙනුවෙන් මන් ඉන්නම්."

එයා හරිම සැනසිලිදායක හිනාවක් එක්ක නැගිට්ටා.

"එහෙනම් නේහාශි හෙට හම්බෙමු.." කියලා එයා යන්න හැරුනා.

"අන්යොන්ගි ජුමුසේයෝ(sleep in peace) හෝසොක්ශි"

ඒක කිවුවම එයා පුදුමෙන් වගේ මන් දිහා හැරිලා බැලුවා.ඊලඟ තත්පරේ..

"නෝදු..
ආහ්.. තව දෙයක් හෙට උදේම ලෑස්ති වෙලා ඉන්න"

"මොකටද??!"

"දිගටම ඔය ඇදුමම ඇදන් ඉන්නද හදන්නෙ? ඇදුම් ටික අරන් එන්න ඕනෙ නැත්ද apartment එකෙන්?"කියලා හිනා වෙවී අහගෙන එයා එයාගෙ කාමරේට ගියා.

අයියෝ මටත් ඉතින් සිහියක් නෑනේ...මෝඩි..

නිදාගන්න ගියාමත් මට මතක් උනේ ඒ ඇස්..
මොනවා ගැනද ඔය තරම් දුක් වෙන්නේ? මොනවාද ඔය තරම් හංගන්නේ?
ඒත් ඇයි මන් මේවා හිතන්නේ? මන් මේවා හිතුවා කියලා වැඩක් තියේද?

JHope's Lily | JHS |✔Where stories live. Discover now