Chapter - 14

1.2K 351 21
                                    

ඊළඟ දවසේ උදේම හොබිය කිවුව කෙනා ආවා. ඒ ladyව දැක්ක ගමන් හසියාගේ හිතට ඇල්ලුව නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. මන් එයාට වැදගත් වෙයි කියලා හිතුනු දේවල් ටිකක් කියලා හොබී එවලා තිබුන car එකෙන් ගෙදරට ආවා.

මන් ඇතුල්ට ආව ගමන් ලිලියා මාව බදාගත්තා.

ඒ වෙලාවේ ඉඳන් දිගටම මන් නැති දවස් වල වුණ හැමදේම වගේ කියන්න ගත්ත ලිලියා දිහා මන් හිනා වෙවී බලන් හිටියා.

මේ විස්තර අස්සේ මට ඇහුනා ලිලියා කියනවා එයා අප්පා එක්ක පළවෙනි වතාවට රට යනවා කියලා.

ඒ වෙලාවේ තමා මට හොබීගෙන් call එකක් ආවේ.

"ආව ගමන් call කරන්න කිවුවා මතකද?"

ඉවරයි.. අමතක උනා නේද මෝඩි..

"ම්ම්ම් සද්දෙ නැත්තේ අමතක වුන නිසා නේද?"මන් උත්තර දුන්නැති නිසා එයා ආයෙ ප්‍රශ්න කලා.

ඇත්තනේ ඉතින්..
මට මතක තියේනම් මොනා කරන්න බැරිද..

"මියානේයො..
ඒත් මේ ලිලියා කියන කතාව මොකක්ද හෝසොක්ශි? ඔයා එයා එක්ක රට යනවද?"

"ම්ම්ම් ඒක දැනටමත් කියලා ඉවරද? ඔව් ඔව්.. මන් ඇවිත් විස්තරේ කියන්නම්.දැන් තියන්න වෙනවා."

________________________________________________________

හොබී ආවේ මම රෑ කාමරේට වෙලා ඉන්න වෙලාවේ.

දොරට තට්ටු කරල එයා කතා කළා.

"නේහා..පොඩ්ඩක් living room එකට එන්න"

මන් එනකොට එයා ටිකක් ලොකු box එකකුත් අතේ තියාගෙන ඉන්නවා.

"ලිලී මොනවද කිව්වේ?"

"වැඩි දෙයක් කිවුවේ නෑ, ඇත්තටම ඔය දෙන්නා යනවද? ලිලීට ප්‍රශ්නයක් නැති වෙයිද? තව කාව හරි එක්කන් යනවද? ඔයාට ලිලී එක්ක යන්න බෑනේද තනියම?"

"හෝව් හෝව්.. අම්මෝ, හෙන ප්‍රශ්න තොගයක් නෙ තිබිලා තියෙන්නේ.. හරි. දැන් මේක ගන්නකෝ.." එයා හිනා වෙවී box එක මට දික් කලා.

"ඇඳුම් ready කරනකොට ඕකත් දාගන්න මතක ඇතුව."

"මේක.. ආහ් ඒත් මන් ඇයි....
ම්වෝ..?
ඔයා දැන් මේ කියන්නේ මාත්!!!!???"

JHope's Lily | JHS |✔Where stories live. Discover now