Chapter - 06

1.2K 357 25
                                    

මේ කාලෙදි ගොඩක් වැඩවලට join වුණ නිසා trainees ලව special gift එකක් විදිහට senior ලගේ pool party  එකකට invite කරලා තිබුණා.

pool party එක කෙසේ වෙතත් අපේ හසියට තිබුණ ලොකුම සතුට තමා bts members ලත් ඒ ළඟම run bts episode එකක් කරන ගමන් ඉන්න නිසා එතනට ඇවිත් යන්න ඉඩ තියෙනවා කියන ආරංචිය.

මාවත් ඇඳගෙන shopping කරන්න ගියාට pool party එකකට යන්න ඇදුම් නම් නෙවේ මෙයා අරගත්තේ...
වෙන වෙන සුකුරුත්තම් ඇදුම්...

මං කෝමත් pool party එකට join වුණේ seniors ලගේ invitation එක නිසා විතරයි.මං ඊට වඩා පාඩුවේ ඉන්න කැමති.ඇදුම් ගන්න ගිය වෙලාවෙදී ලස්සන keytag එකක් දැකලා මට මතක් වුණේ Lily ව.ඒක නිසා මං හිත හිත ඉන්නැතුව ඒක ගත්තා එයාට කොයි වෙලාවක හරි දෙන්න හිතාගෙන.

Party එකක් කිවුවට ඒක පොඩි gathering එකක් වගේ තිබුණ නිසා අපිට company එකෙන් bus එකක් arrange කරලා තිබුණා.කලින් දවසේ ඉදන් වෙලාවට එන්න කියන එක Mr.Park හැමතිස්සෙම කිවුවට ඒ දවසෙත් වැඩ කන්දක් විතර දුන්න නිසා Office එකෙන් ගෙදර   යනකොටත් පරක්කු වුනා.😞

_______________________________________________________

"දෙයියනේ??!!!"
මට  කෑගැහුනෙ වෙලාව දැකලා.
අපිට office එක ළඟට 7.00ට එන්න කිවුවට දැන් වෙලාව 6.15යි..අර මෝඩ පැටියා ගොරව ගොරව නිදි තාම..

"නැගිටිනවා හසියෝ...........අපි පරක්කුයි ..." මං හසියව කකුල් දෙකෙන් අරන් ඇදෙන් බිමට දැන්මා..

"කොන්ද කඩන්නද යකූ හදන්නේ!!!????"

"කොන්ද නෙවෙයි වෙලාව බලනවා.මහ ලොකුවට bunnyවබලන්න යන්න කතාව.. bus එක ගියොත් හීනෙන්ම තමා බලන්න වෙන්නෙ.."

"අයියෝ... නෑ.... නෑ..... මන් ඉක්මනට එනවා  bunnyයෝ.. මන් එනකම් ඉන්නෝ....." bunny මතක් කලා විතරයි හසී වයින් කරපු රොබෝ වගේ ලෑස්ති වෙන්න ගත්තා..

මොනා වුනත් එයාගෙ විකාර කොන්ඩෙටයි makeup ඉලීමටයි හැට පැයක් විතර ගියපු නිසා මන් හිතුවෙම  අපිට වෙලවට යන්න ලැබෙන එකක් නෑ කියලා .මන් නම් ඉතින් හැමදාම වගේ  simple ගවුමක් ඇදලා කොන්ඩෙත් loose hair දාල charm එකට ඉන්න කැමති..

කොච්චර වේගෙන් එතනට හති  දාගෙන ආවත් විනාඩි 5ක් විතර අපි පරක්කුයි..
අපි එතනට යනකොට ඔක්කොම bus එකට නැගලත් ඉවරයි.Mr.Park  bus එක ලගට වෙලා file එකටත් තට්ටු කර කර වටපිට බලන ගමන් හිටියේ.. අපි එනකම්වත්ද?!!වෙන්න බෑ....

JHope's Lily | JHS |✔Where stories live. Discover now