Chapter-03

1.3K 370 21
                                    

File අස්සේ දගලන එක ටිකක් නතර කරපු මං ඉස්සරහ තිබුණ තඩි notice bodrd එක දිහා බලන් හිටියා.

යකූ ලෝකෙම තියෙන notice මේකෙද කොහෙද? නැති දෙයක් නෑනෙ. මේකෙ ඉන්න අයට මේවා කියවන්න වෙලාවක්වත් තියේද? ඒ තඩි board එක දිහා බලන් ඉන්න මට හරිම විකාර දේවල් හිතුණට එක පාරටම මගෙ ඇස්දෙක ගියේ එකේ පහළ හරියෙම එල්ලලා තියෙන notice වගයකට.

Notice board එක මුලු බිත්තියම වැහෙන්න තිබුණ නිසා කවුරුවත් පහළ හරිය බලන්න උනන්දු වුනේ නෑ.ඒත් ඒවා දිහා බලා හිටියම තමා මට තේරුණේ ඒ notice නෙවේ කියලා.

ඒ කාගේ හරි චිත්‍ර වගයක්.චිත්‍ර වගයක් කිවුවට ඒවා චිත්‍ර කියන්නත් ටිකක් අමාරුයි.
ඒ වුණාට හරිම cute එකට අඳින්න ලොකු try එකක් දීලා තියෙනවා ඇඳපු කෙනා..

ඒවා කවුරුහරි චූටි බබෙක් ඇඳපු ඒවනේ.ඉතින් ඒවා කොහොමද මේකෙ තියෙන්නේ

අනික ඒවට ගහපු pins බාගෙට ගැලවිලා.

මං සමහර වෙලාවට දකිනවා කට්ටියක් ඒවා පාග පාග යනවා ඊට පස්සේ තව කවුරුහරි ආයේ pins ගහනවා. ආයේ ගැලවෙනවා.

අනේ මන්දා මං හිතන දේවල්. 

"මොකද board එකේ ඔය file එකේ mistake ටික හදන්න උදව් වෙන දේවල් තියෙනවද?"😡

මගෙ දැහැන බිඳපු ඒ සුමිහිරි කටහඬ කාගෙද අඳුරගන්න බලන්න ඕනේ වුනේ නෑ. ඔව් ඔව් අපේ ආදරණීය Senior manager.

"මියානෙයො"මං ඉතින් මගෙ අහිංසක look එකදාන්න try කළා.

"සමාව නෙවේ.වැඩ කරන්න නාස්ති කරන්න වෙලාවක් නෑ ඔයාලට. ට්‍රේනීස්ලා වුණා කියලා වැඩ අඩුවෙන් කරන්නද හදන්නෙ. ඔයාලව trainning කරන්නෙ ඉස්සරහට job එක හරියට කරන්න.ඒක නිසා තමුන් තමුන්ගේ උපරිමෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕන.හීන ලෝකවල හිටියම ෆයිල් කම්ප්ලීට් වෙන්නෑ නේහා..."

හැමදාම වගේ ඉතින් මං අදත් සුපුරුදු කතාව අහගත්තා.වැඩ කරන්න ඇවිත් සති තුනක් විතරයි ගියේ, ඒ ඩිංගටත් manager ගේ කටේම තියෙන්නේ මගේ නම.

මොකද ඉතින් වැඩිපුර manager ගෙන් ස්තූති කතා අහන්නෙ මංනේ.

ඔය දැනුත් කියලා ගියේ.

"අයිගූ උරි නේහා..."එතනට ආපු සූහා ඔන්නි මගේ ළඟින් coffee එකක් තියෙන ගමන් ඉඳගත්තා.

JHope's Lily | JHS |✔Where stories live. Discover now