Chapter - 07

1.2K 350 20
                                    

"ලිලියා...උල්ජිමා...ගොඩක් රිදෙනවාද?"

Jhope ලිලීගෙ අතපය දිහා බලලා එයාව බදාගත්තා.

එහෙමම ටික වෙලාවකින් ලිලීගේ අඩන එක නතර වුණා.

"මරියා...ඉක්මනට මෙතනට එනවා..."

අනේ අම්බෝ...ඒ කටහඬට මාවත් ගැස්සුනා.
කැමරා එක ඉස්සරහ එච්චර ආදරණීය ඔයාට මෙහෙම කෑගහන්න පුලුවන්ද jhopeශි..

"සර්..."

"සර් තමා!!බලනවා තමුන් නිසා වෙන දේවල්.මාත් අම්මලගෙ කීමට හොයලා බලන්නැතුව ඔයාව වැඩට ගත්තට, කිසිම වැඩක් නෑ තමුන්ගෙන්...කොච්චර කියනවද ෆෝන් එක පැත්තකින් තියලා මුලින්ම ලිලී ගැන හිතන්න කියලා.දැන්වත් අරන් යන්න...දැන්ම"

ලිලීව මරියා අතට දුන්නා එයා ඊට පස්සෙ හැරුණෙ මගෙ පැත්තට...

"අනිත්කෙනා තමුන්...
කවුරු කියලද හිතන් ඉන්නෙ...
මෙතනට ලිලීව එක්කන් ආවෙ කාගෙ අවසරයකින්ද?කියනවා...??"

"අප්පා...අප්පා...අහන්නකෝ.."ලිලී කතාව මැද්දට ආවත්,

"මරියා මං දැන් එක පාරක් කිවුවම තේරුණේ නැද්ද මෙයාව අරන් යන්න..."

මරියාට ජේහෝප් එක්ක ආව staff member කෙනෙක් දුන්න ටවල් එක ලිලීට පොරවලා එයාව අරන් ගියේ ලිලී ජේහෝප්ට දෙයක් කියන්න ගොඩක් උත්සහ කරද්දී...

"jhopeශි මං...මං..."

අනේ මගෙ කටට වචන එන්නෙත් නෑ.
දෙයියනේ!!මොනා කියන්නද?මෙතන කීදෙනෙක් බලන් ඉන්නවද? අනික jhopeශිගේ නපුරුකම දැක්කම මගෙ වචන ටිකත් ආයේ ගිලුනා..

"තමුන්ට මට ලං වෙන්නද ඕන...කියනවා...ඒකද ඕන තමුන්ට????"

"jhopeශි මං..."

"ආ,ඒකට අලුත් විදිහක්ද මේක...
මං දැකලා තියෙනවා ඕන තරම් ඔය වගේ අයව...මේ අහනවා මාව ඕනනම් මගෙ දුව ළඟට යන්නැතුව මාව හොයන් එනවා..
ආහ්...මාවත් නෙවෙයිනේ ඕන,මගෙ සල්ලිද?මගෙ ප්‍රසිද්ධියද කියනවා..."

කොච්චර ඉවසන් හිටියත් මේවා ඇහෙද්දි මට මාවම control කරගන්න බැරිවුණා.

කාමරේම නිශ්ශබ්දතාව බිඳුනේ ඇහුන කම්මුල් පාරෙන්.

ඔව් ඊලඟට මගෙ අත නැවතුනෙ එයාගේ කම්මුලෙන්.

JHope's Lily | JHS |✔Where stories live. Discover now