Chapter - 13

1.2K 341 29
                                    

Call එක ආවේ hospital එකෙන්...

හසියා accident වෙලා කියලා කිවුවම මට හිතාගන්න බැරි වුණා මොකක්ද කරන්න ඕන කියලා.

Ajumma තමා driverට hospital එක කියලා,මාවත් car එකට නග්ගවලා එව්වෙ.ඒක හොඳ private hospital එකක් කියලා තමා මට කියනවා ඇහුනේ. Ajumma ළඟ හිටියේ නැත්නම් මම තාම බිම ඉඳගෙන හිටපු විදියටම ඉන්නවා.

ඒ ශොක් එක නිසා මට අඬන්නවත් සිහියක් තිබුනේ නෑ.. මට ඕනෙ වුනේ ඉක්මනට හසියා ළඟට යන්න.

Reception එකෙන් විස්තර අහපු මන් emergency unit එක ලගට පුළුවන් තරම් ඉක්මනට ආවා.තාම හසියාගෙ operation එක වෙන ගමන් තිබුනේ.

මන් එතන පැත්තකින් දාලා තිබ්බ seat එකකින් ඉඳගත්තා.

හසියව හැප්පුව වාහනේ drive කරපු ගෑණු කෙනාට නින්ද ගිහින් කියලා තමා මට දැනගන්න ලැබුනේ, හසියට තරම් අමාරු නොවුනත් එයාවත් admit කරලා තිබුනා.එයාගෙ පවුලෙ අයත් හිටියා එතන,ඒ අයගෙන් ටිකක් වැඩිමල් කෙනෙක් මන් ළඟට ඇවිත් සමාව ඉල්ලලා මට කිවුවා ඔක්කොම වියදම් එයාලා බලාගන්නම් කියලා.

හසියගෙ operation එක success කියලා doctorsලා කිවුවත් එයාට සිහිය එන ගැන පොඩි සැකයක් තියෙනවා කියලා කිවුව වෙලාවේ මන් බිම වැටෙන එක නතර කරගත්තේ ළඟ තිබුන බිත්තියට හේත්තු වෙලා.

මොනාවුනත් අර මිනිස්සු කිවුවා වගේම හසීට hospital එකේ private room එකක් වෙන් කරලා දුන්නා.

Room එක ඇතුලට ගියපයින් මන් එළියට ආවේ මට හසියා දිහා තවත් බලන් ඉන්න බැරිම තැන.

හැමතැනම bandage කරලා, අත පුරාම බට ගහලා ඇඳ උඩට වෙලා හෙලවෙන්නෙවත් නැතුව ඉන්න හසියා දිහා බලන් ඉන්නෙ කොහොමද මන්.

හසියා කවදාවත් ඔහොම හිටියේ නෑ.

මේ වෙලාවෙ මගේ ඔලුවේ කිසිම දෙයක් තිබුනේ නෑ.ඒක හිස් වෙලා.

කදුළු වලට එලියට එන්න ඕනෙ වුනත් එලියට ආවේ නෑ.මට හිතාගන්න බෑ මං කරන්න ඕන දේ.මෙහෙ අපි දෙන්නාට හිටියේ අපි දෙන්නා විතරයි.දැන් මට දැනෙන්නේ මං තනි වෙලා වගේ.

මන් නැති වෙලාවෙම ඇයි මෙහෙම වෙන්නේ?මන් හිටියනම් මේක වෙන්නැති වෙයිද? මන් කොහොමද මේක දරාගන්නේ?මට ඕනෙ කෑ ගහලා අඬන්න.ඒත් ඒකටවත් මගේ හිත එක තැනක නෑ..

JHope's Lily | JHS |✔Where stories live. Discover now