Prologue

1K 166 30
                                    

මම යන්න ඕනේද ?
 
"ඔයා ඇයි තවත් මේ බෑන්ඩ් එකේ ඉන්නේ? "
 

මම ගියොත් මොනවා වෙයිද?

"ඔයා හිටියත් නැතත් කාටවත් ප්‍රශ්නයක් නෑ. ඔයා ඉන්න එකෙන් වෙන්නේ අපි තවත් පහලට වැටෙන එක විතරයි."

අන්තිමට මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා එයාලම. මට අවුරුදු හතරක් තිස්සේ තිබ්බ ප්‍රශ්න ඔක්කොටම අද මට උත්තර හම්බුනා...

ඉතින් මම යන්නම්...

ඔයාලට දිනන්න දෙන්නම්....

මම එනකොට ගෙනාව දේවල් විතරක් අරගෙන මම බැගේජ් එක පැක් කරගත්තේ මට යන්න වෙලාව හරි කියල එයාලම කිව්ව නිසා. ඔක්කොම පැක් කරලා ඉවර උනාට පස්සේ මම රූම් එකෙන් එකට ගිහින් අන්තිම පාරට එයාලව බලලා ආවා. හැමෝම නිදි.

අපේ අපාර්ට්මන්ට් එකේ දොර අරිනකොට මට ඇහුනා කවුද මන්දා මට කතා කරනවා. මම පිටිපස්ස හැරිලා බැලුවේ මාව නවත්තන්න කවුද ආවේ කියලා බලන්න. හිතේ අමුතු සතුටක් පැළ වෙද්දී මම ඩෝ නොබ් එකෙන් අත ගන්නේ නැතුවම පිටිපස්ස හැරුනා.

~ජින් හ්යුන්ග්, යන්න එපා.

~යන තැනක දොර ලොක් කරගෙන යන්න.

පලවෙනි වතාවට මගේ ඇස් වලින් කදුලු වැටුනා. ඒ සතුටකටද , දුකකටද කියලා මම දන්නේ නෑ..ඒ එයා මම බලාපොරොත්තු උන දේ කිව්ව හන්දද නැතිනම් වෙන මොකක් හරි දෙයක් හන්දද කියලා මම දන්නේ නෑ..ඒ මම  එයාගෙන් ඒවගේ දෙයක් බලාපොරොත්තු උන හන්දද නැත්තන් වෙන දෙයක්ද කියලා මම දන්නේ නෑ.

මම මොකුත් දන්නේ නෑ.




"හරි කුකී......"

READ AT YOUR OWN RISK

කිසිම හේතුවක් මත මම මේ පොත නවත්තන්නේ නෑ. මට කාගෙන්වත් මේ පොතට රිප්ලයි එකක් ඕනේත් නෑ.

ඒත් මම එක දෙයක් කියන්නම්, අපි හැමෝම කියවපු ෆෑන්ෆික්ශ්න් වල,

අපි එයාලව රේපිස්ට්ස්ලා කරා  ,
අපි එයාලව ඩ්‍රග් ඩීලර්ස්ලා කරා,
අපි එයාලව මර්ඩර්ස්ලා කරා,
අපි එයාලව මාෆියා ලීඩර්ස්ලා කරා.

"අපරාධ " කියලා නම් කරන්න පුලුවන් දේවල් අපි අපේ ෆෑන්ෆික්ශන් වල ලිව්වා නම්, ඇයි "අපාරධයක්" කියලා කියන්න බැරි මේ වගේ දේවල් මට මේකේ ලියන්න බැරි?

මේක දැනට අදාල නෑ. ඉස්සරහට එන්න තියන දේවල් වලට "උත්තරයක්" විදිහට තියාගන්න.


මම ෆික්ශනල් ලෝකේ දෙයක් ඇත්ත ලෝකෙට ගෙනාවේ නෑ කිසිම වෙලාවක, අපි ඇත්ත ලෝකේ මිනිස්සු දැනටමත් ෆික්ශනල් ලෝකෙට අරන් ගිහින් ඉවරයි.

ආයෙමත්.....

Read at your own risk !!!

Fiction by Roshell 🍃

A W A K E   |  Jin Centric Where stories live. Discover now