Chapter 21

156 43 11
                                    

Jin's POV

"මේකෙන් ගන්න."

මම මගේ එහා පැත්තෙන් ආව අතක් කැශියර් එකට කාර්ඩ් එකක් දෙන හැටි දැක්කම මම ඉක්මනට හැරිලා බැලුවේ මම අදුරන කෙනෙක් හොස්පිටල් එකේ ඉන්න එක ගැන සතුටුවෙමින්. ඒත් එතන හිටියේ මට මේ වෙලාවේ කිසිම විදිහකින් දකින්න ඕනේ නැති කෙනෙක් වෙනකොට මගේ කටින් පිට උන එකම වචන ටික එයාව පුදුමයට පත් කරේ නෑ කියලා මට පෙනුනා.

"ඔ-ඔයා ක්-කොහොමද ම්-මෙහේ ඉ-ඉන්නේ?"

"මම යාලුවෙක් එක්ක හොස්පිටල් එකට ඇවිත් ගෙදර යන ගමන් ඔයාව දැක්කේ!. මේ කාර්ඩ් එකෙන් පේමන්ට් එක ගන්න."

හන්සූ එයාගේ කාර්ඩ් එක කැශියර් එකට දුන්නම මම මොකුත් කියන්නේ නැතුව බලාගෙන හිටියේ මට ඒ වෙලාවේ එපා කියන්නවත් පුලුවන් කමක් තිබ්බේ නැති නිසා. සකුරා බිල් එක සයින් කරාට පස්සේ මට බිල් එකයි , රිසීට් එකයි අතට දුන්නට පස්සේ මම එයා එක්කම කැශියර් එකෙන් ටිකක් ඈතට ආවා.

"හ්-හන්සූ මම-"

"අපි මේ දේවල් ගැන කොලේජ් එකේදි කතා කරමු ජින්. මම හිතනවා අපිට ගොඩක් දේවල් කතා කරන්න තියනවා වගේම , මේ ඒකට වෙලාව නෙවෙයි කියලා. මම මගේ අපාර්ට්මන්ට් එකට යන්නේ. ඔයා යනවා නම් මට ඔයාව ඩ්‍රොප් කරන්න පුලුවන්."

"තැන්ක් යූ. ඒත් මම මගේ වාහනේ ආවේ හන්සූ. "

හන්සූ යන්න ගියාට පස්සේ මම  අතේ තිබ්බ අනිත් සල්ලි වලින් කුක්ට ඕනේ බෙහෙත් ටික අරගෙන ආයේ කුක් ලගට ආවේ එයාව නැගිටුවලා අරන් යන්න කියලා හිතාගෙන. නර්ස් කෙනෙක් ඇවිල්ලා කැනියුලා එක ගැලෙව්වට පස්සේ කුක් නිදිමතේම ඇවිදගෙන එද්දි මම එයාව මගේ ඇගට හේත්තු කරගෙන  කාර් එක ලගට එනකන් අරන් ආවා. කුක්ව වාඩි කරවලා ශීට් බෙල්ට් එකත් දාලා මම ආයේ අපේ ඩෝම් එකට ඩ්‍රයිව් කරද්දි ඊලග දවසේ මම කොලේජ් ගිහින් හන්සූට මූණ දෙන හැටි හිතද්දි මගේ හිතට තව බරක් ආවා.

වාහනේ පාර්ක් කරලා මම කුක්ව කරට අරගෙන ඩෝම් එකට එද්දි යුන්ගි එයාගේ ජොබ් එකට යන්න ලෑස්ති වෙලා හිටියා. ජන්ග්කුක්ව ඇදෙන් තියන්න එයා මට උදව් කරාට පස්සේ මම එක පාරටම ඇදෙන් වාඩි උනේ ලිෆ්ට් එකක් මේ වෙලාවේ තිබ්බා නම් කියලා හිත හිත. යුන්ගිට ජන්ග්කුක්ට උණ ගැනුන එක ගැන අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න රහසින් කියලා මම ජන්ග්කුක්ට ශීට් එකක් පොරවලා කිචන් එකට ආවේ කට්ටියට බ්‍රෙක්ෆස්ට් එක හදලා දෙන්න කියලා හිතාගෙන.

A W A K E   |  Jin Centric Where stories live. Discover now