Chapter 12

206 65 19
                                    

Jin's POV




ඩෝර් බෙල් එක ඇහෙනකොට කුක්ට දොර අරින්න කියලා මම රූම් එකට ඇවිල්ලා මගේ වොලට් එකෙන් කාර්ඩ් එක අරගෙන එලියට ආවා. එලියේ හිටපු එක්කෙනා මගේ දිහා බලලා පුදුම වෙනකොට මගේ අතින් ෆෝන් එක අත ඇරෙන්න වගේ ගියේ ඒ කෙනාව මම මේ වෙලාවේ පොඩ්ඩක් වත් බලාපොරොත්තු උනේ නැති හන්දා. මම ඉක්මනට ෆෝන් කෝල් එක කට් කරත් එයා කුක්ගේ අතට බෑග් එක දීලා සල්ලි ගන්නේ වත් නැතුව අනිත් පැත්ත හැරිලා යනකොට මම ෆෝන් එක කුක් ගේ අත උඩට දාලා එයාගේ පස්සෙ දුවගෙන ආවා.

"කෙන්..."

මම ආපහු අනිත් පැත්ත හැරිලා අපේ දිහා පුදුම වෙලා බලන් ඉන්න කුකී දිහා බලලා එයාලට කෑම කන්න කියලා අතින් කියලා කෙන් ගේ පස්සෙන් දුවගෙන ආවා. මට කලින් එයා තට්ටු හතරම බැහැලා ඇවිල්ලා ඩිලිවරි ස්කූටර් එකට නගින්න හදනකොට මම ගිහින් එයාගේ අතින් අල්ලලා නැවැත්තුවා.

"කෙන්. ඇය්-"

"කව්ද කෙන් කියන්නේ? මිස්ටර් ට වැරැදීමක් වෙලා. "

"ඔයා.  ඔයාටයි කෙන් කියලා මම කතා කරේ"

''මම දන්න කෙන් කෙනෙක් නෑ. අනික මම  කෙන් නෙවෙයි."

"කෙන්. මම ජින්. ඇයි ඔයාට මතක නැත්තේ? ඔයාත් එක්ක කොලේජ් එකේ හිටියේ?  "

"මට සමාවෙන්න  මිස්ටර්. මම කොලේජ් ගියේ නෑ. අනික මම  දන්නේත්  නෑ ඔයාව."

"එහෙනම් ඇයි මාව දැක්කම දුවගෙන ගියේ? ඔයා මාව දන්නේ නැත්තන් ඇයි දුවගෙන ගියේ?"

කෙන් මොකුත් නොකියා මගේ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා මම එයාගේ  අතින් අල්ලගෙන හිටපු අත ගසා දැම්මා. එයා බයික් එකට නැගලා බයික් එක ස්ටාර්ට් කරන්න යනකොටම මම යතුර එලියට ඇදලා ගත්තා. කෙන් මගේ අතින් යතුර ගන්න හදනකොට මම යතුර තිබ්බ අත පිටිපස්සට කරගෙන පස්සෙන් පස්සට ගියේ එයාට යතුර ඕනේ නම් මාත් එක්කම කතා කරන්න වෙනවා කියලා කියන ගමන්.

"ඔයාට යතුර ඕනේ නම් මට මොකද උනේ කියලා කියලා ඉන්- ආව්ව්ව්."

එක පාරටම පිටිපස්සේ තිබ්බ මොකකද මන්දා පැටලිලා මාව පිටිපස්සට වැටුනේ මගේ අතේ තිබ්බ යතුරත් පැත්තකට වීසි වෙන ගමන්. මම බිම වැටුන විදිහටම වාඩි වෙලා ඉන්න අතරේ කෙන් බයික් එකෙම් බැහැලා මගේ දිහාට එනකොට මම එයාට අත දිගු කරේ මාව නැගිට්ටවනන කියන්න. ඒත් එයා ඒ වෙනුවට මගෙන් අඩි කිහිපයක් එහා පැත්තේ තිබ්බ යතුර අහුලගෙන බයික් එක ලගට ගිහින් බයික් එක ස්ටාර්ට් කරගෙන යන්න ගියා.

A W A K E   |  Jin Centric Where stories live. Discover now