Chapter 10

433 104 14
                                    

Jin's POV




මිස්ටර් සේජින් පපා ඇවිල්ලා කිව්වම මම බය උනත් මම ඒක පෙන්නුවේ නෑ. මම ඉක්මනට විසිටින් ලෝන්ජ් එකට ආවත් මම ඒක ඉස්සරහා හිටගෙන හිටියේ ගොඩක් වෙලාවක් ඇතුලට යන්නේ  නැතුව පපා මොනවා අහයිද, පපාට කොහොම උත්තර දෙනවද කියන ඒවා මට හිතා ගන්න බැරි උන හන්දා. එලියේ හිටපු පපාගේ ගාර්ඩ්ස්ලා දිහා බලාගෙන අන්තිමට මම හිත හයිය කරගෙන දොර ඇරගෙන ඇතුලට ආවා


පපා හිටගෙන ජනේලයෙන් එලිය බලාගෙන ඉන්නකොට මම දොර වහලා පපා ලගින් ටිකක් ඈතට වෙන්න හිට ගත්තා. පපා මගේ දිහා බැලුවේ නෑ. එයා මට මොකුත් කිව්වෙත් නෑ. මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි තැන මම පපාට කතා කරා.

"ප-පපා."

"ගෙදර යන්න ලෑස්ති වෙන්න. මම ඇග්‍රිම්න්ට් කැන්සල් කරගන්න වැඩ බලගන්නම්"

"ඒත් පපා-"

"කිම් සොක් ජින්. තමුන්ට මෙහෙ ඉන්න බෑ. මට ආයේ කියන්න තියන්න එපා කරුණා කරලා ගෙදර යන්න ලෑස්ති වෙනවා."

"මම ගෙදරින් ආවේ ආයේ එන්න බලාපොරොත්තුවෙන් නෙවේ පපා."

"මම ඔයාව කොහෙවත් යවන්නේ නෑ. ඔයාට මමා එක්ක ඉන්න දෙන්නම්. ඔයා මෙහෙම තැන්  වල ඉන්න ඕනේ නෑ. ඔයාට දැන්මම  ඔයාගේ වැඩ කරන්න පටන් ගන්න ඕනේ නම් මම  කම්පනි එකෙන් ඔයාටම ඒජන්සි එකක් හදලා දෙන්නම්."

"මට ඔය කිසි දෙයක් ඕනේ නෑ පපා.මට ඕනේ මෙහෙ-"

"ඔයා තාම දවස් දෙකයි මෙහෙ හිටියේ. ඔයා හිතන්නේ මේක ලෙසි දෙයක් කියලද?  හැම දේම අතට පයට කරලා දුන්න ඔයාට දැන් ඔක්කොම තනියම කරන්න වෙනව. දවසට පැය ගාණක් වැඩ කරන්න වෙනවා. නින්දක්වත් නැති වෙනවා. ඔයා මෙහෙම දුක් විදින්න ඕනේ නෑ ජින්. ගෙදර එන්න. මම ඔයා ගැන බලාගන්නම්."

"මම ඒ හැමදේටම ලෑස්තියි පපා. මම ආයේ එන්නේ නෑ "

පපා මගේ දිහා බලලා එයාගේ ෆෝන් එක අරගෙන කෝල් එකක් ගත්තා. පපා මාව බලෙන් ගෙදර අරන් යයි කියන බය මගේ හිතට ආවත් මම පපා ඉස්සරහා බය ගුල්ලෙක් නෙවෙයි වගේ හිටියා.

"මිස්ටර් බැන්ග් ශි හ්යුක්. විසිටින් ලොන්ජ් එකට එන්න."

පපා කොච්චර පවර්ෆුල්ද කියලා මට තේරුනේ මේ කම්පනි එකේම චෙයාමන්ට පපා ඕඩර් කරනවා දැකලා. එයා ෆීල්ඩ් එකේ කින්ග්. මේක විතරක් නෙවෙයි. හැම එකේම කින්ග්. ඒත් එහෙම කියලා පපාට බෑ මගෙ ජීවිතේට ඇගිලි ගහන්න දෙන්න.

A W A K E   |  Jin Centric Where stories live. Discover now