Chapter 02

448 127 24
                                    

Jin's POV



මම බස් එකට නැගලා අන්ක්ල් යොන්දෝ දුන්න කාසි වලින් පේ කරා. මගේ ජීවිතේ පලවෙනි පාරට බස් එකක යන්නේ. මම බස් එකක කියලා ගිහින් තියෙන්නේ පොඩි කාලේ ස්කූල් වලින් එක්කන් ගිය ෆීල්ඩ් ට්‍රිප් එකකට විතරයි. "එකකට" විතරයි. ඊට පස්සේ හැම එකකටම යන්න උනේ මට අන්ක්ල් යොන්දෝ එක්ක. මට ට්‍රේන් එකක යන එකයි, බස් එකක යන එකයි ගොඩක් දවස් වල ඉදන් ආසාවක් වෙලා තිබ්බේ. ඒත් ආසාව උවමනාවක් උනේ එක ප්‍රැක්ටිකල් එකකදි බස් එකක වෙන සීන් එකක් ඇක්ට් කරන්න උන හන්දා. බස් එකක ගිහින් නොතිබුන මම කොහොමද බස් එකක සීන් එකක් ඇක්ට් කරන්නේ. ? යන්තම්  ෆිල්ම්ස් වලින් දැකලා තිබ්බ දේවල් වලින් මම ඒක කරගත්තත් ඒක මගෙ පොටෙන්ශල් එක නෙවෙයි කියලා මගේ හිත වද දුන්නා. එදා ඉදන් මට බස් එකක යන එක උවමනාවක් උනා...

ශටර් එකක් ලග ශීට් එකකින් වාඩි වෙලා මම එලිය බැලුවේ බස් එකක යනකොට කාර් එකට වඩා වෙනස් විව් පොයින්ට් එකක් තිබ්බ හන්දා. මම පුලුවන් තරම් පරිස්සම් උනා අනිත් අයට මම බස් එකක යන පලවෙනි පාර කියලා නොදැනෙන්න. ඒත් මගේ හිත ලොකු සතුටකින් තිබ්බේ.

මගේ ලගින් මැදි වයසේ කෙනෙක් වාඩි උනාම මම එයා දිහා බලලා හිනා වෙලා ඔලුව ටිකක් පාත් කරලා ආචාර කරා.මුලදි එයා පුදුම උන මූණකින් හිටියත් පස්සේ එයා මාත් එක්ක හොදට හිනා උනා. මම ආයෙමත් එලිය බැලුවේ අන්ක්ල් යොන්දො මගේ පස්සෙන් එනවා ඇති නේද කියලා හිත හිත.

"ඔය ලමයා හයිස් ස්කූල් ද?"

"නෑ මම කොලේජ් ස්ටුඩන්ට් කෙනෙක්!"

"ඇක්ටින්ග් ගැන ඉන්ටරෙස්ටින්ග් නැද්ද?"

මම හිනා වෙලා කලින් උත්තර දුන්නට මට ඊලග එකට උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා මට හිතාගන්න බැරි උනා. 

මම ඇක්ටින් ගැන ඉන්ටරෙස්ටින්ග් ද? නෑ.

"මම ඉගෙනගන්නේ ඇක්ටින්ග් ඩිග්‍රී එකක්."

"එහෙනම් ඔයා තමයි හරියනම කෙනා. මම බිග් හිට් එන්ටටෙන්මන්ට් එකේ ඔපරේශන් එක්සෙකටිව් කෙනෙක්. අපේ කම්පනි එකෙන් ඇක්ටර්ස්ලා ට්‍රේනින් කරනවා. මේ දවස් වල ලොකු ඩිමාන්ඩ් එකක් තියනවා යන්ග් ඇක්ටර්ස්ලට. ඔයා කැමති නම් මෙන්න මගේ කාර්ඩ් එක. මට කෝල් එකක් දීලා එන්න. මට විශ්වාසයි ඔයාට චාන්ස් එකක් හම්බෙනවා කියලා."

A W A K E   |  Jin Centric Where stories live. Discover now