Chapter 11

260 74 22
                                    

Jin's POV


Jin's POV

"ජින් අපිට පොඩි ප්‍රශ්නයක් තියනවා මේ වෙලාවේ. "

මම පුදුම වෙලා මිස්ටර් සේජින් දිහා බලාගෙන හිටියේ එයාලා මාව පපා ලගට යවන්න හදනවා කියලා බයෙන්. කවුරුත් මිස්ටර් කිම් කියන්නේ මගේ පපා කියලා දැනගෙනවත්ද කියන බය මගේ හිතේ වද දෙනකොට මම මිස්ටර් සේජින් එයාගේ කතාව පටන් ගන්නකන් බලන් හිටියා.

"අපි ඔයාත් එක්ක ඇග්‍රීමන්ට් සයින් කරේ ඔයාව ඇක්ටර් කෙනෙක් විදිහට ඩෙබ්‍යු කරනවා කියලා. ඒත් මේ වෙලාවේ ශීහ්‍යුක් ඉන්න හන්දා අපිට සොක්ජින්ව ඩෙබ්‍යු කරන්න බෑ. අපි එහෙම එක ලග දෙන්නෙක් ඩෙබ්‍යු කරොත් ඔයාලා දෙන්නගෙම රේටින්ග්ස් අඩුවෙන්න පුලුවන්. "

මිස්ටර් සේජින් කතා කරන විදිහට මට තේරුනා එයාලා ඔය නොකියා කියන්නේ මාව තියාගන්න බෑ කියන එක කියලා. සමහර විට පපා ත්‍රෙට්න් කරලා මාව මෙතනින් අයින් කරගන්න හදවනවද කියලා මට හිතුනත් පපා මොන දේකදිවත් ඒ වගේ පහත් වැඩක් කරන්නේ නෑ කියන දේ මගේ ඔලුවේ තිබ්බා. මම මොකුත් කියන්නේ නැතුව,මොකුත් පෙන්නන්නෙත් නැතුව මිස්ටර් සේජින් කියන දේට කන් දීගෙන ඉදගෙන එයා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරා.

"එ-එතකොට මා-මාව අයින් කරනවද ? "

"නෑ. නෑ සොක්ජින්. ඔයාව නැති කරගන්න අපිට කිසිම අදහසක් නෑ. මිස්ටර් කිම් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න එක තරම් නරක දෙයක් මේ වෙලාවේ නැති උනත් මම ඒ ගැන හිතන්නේ නැතුව මිස්ටර් කිම් ට විරුද්ධ උනේ සොක්ජින් ව අපේ කම්පනි එකට ඕනෙම හන්දා. "

මම චෙයාමන්-නිම් දිහා බලාගෙන එයා කියන දේ අහන්  හිටියත් මගේ හිත කිව්වෙම එයාලා මාව මෙහෙන් අයින් කරන්න යන්නේ කියලා. මෙතනිනුත් අයින් කරපු වෙලාවක මට යන්න තැනක් හිතාගන්න බැරි වෙනකොට මම ආයෙමත් ඔලුව උස්සලා මිස්ටර් සේජින් දිහා බැලුවේ එයා ඊලගට කතාව පටන් ගත්ත නිසා.

"අපි ලබන අවුරුද්දේ අන්තිම බෝයි බෑන්ඩ් එකක් ඩෙබ්‍යු කරනවා. අපි සොක්ජින්ට ඇක්ටර් කෙනෙක් විදිහට ඩෙබ්‍යු වෙනකන් බෝයි බෑන්ඩ් එකත් එක්ක ට්‍රේන් වෙන්න ඉඩ හදලා දෙන්න පුලුවන්. ලබන අවුරුද්ද වෙනකොට කොහොමත් ශිහ්‍යුක් ෆීල්ඩ් එකේ ස්ථාවර වෙලා ඉන්න හන්දා අපිට ඊලගට මිස්ටර් සොක්ජින්ව ඩෙබ්‍යු කරන්න පුලුවන් වෙයි."

A W A K E   |  Jin Centric Where stories live. Discover now