Chapter 22

239 39 12
                                    

Jin's POV
 
හන්සූ එක්ක කතා කරපු එක මගේ හිතට ලොකු නිදහසක් වෙනකොට මම එයාට ගුඩ් බායි කියලා ආයේ අපාර්ට්මන්ට් එකට එන්න ආවත් එයා මාව ඩ්‍රොප් කරන්න ඇහුවා. මම එයාට ස්තූති කරලා එයා එක්ක ඇවිල්ලා අපාර්ට්මන්ට් එක ලගින් බහිනකොට මම දැක්කා ජිමින් ටේයුන් දෙන්නා ස්කූල් එකේ ඉදන් ගෙදර යනවා. මම ඉක්මනට හන්සූට බායි කියලා ටේයුන් ජිමින් දෙන්නා එක්කම උඩට නැග්ගේ එයාලගේ කොලේජ් එකේ උන දේවල් ගැන අහන ගමන්.

"අපිට ටෙස්ට් එකට ලියන්න වෙන්නේ නෑ හ්‍යුන්ග්. "

"ඇයි ඒ?"

"අර ගෙස්ට් කෙනෙක් ගෙන්නලා ෆිල්මින් එකක් කරන්න තියෙන්නේ එදාට. "

"ජූන්ට කියලා ඩේට්ස් වෙනස් කරගන්න බැලුවා නම් හරිනේ ජිමින්?"

"ටෙස්ට් ලියන්න නැති තරමට හොදයි හ්‍යුන්ග්. ඒත් ඉයර් එන්ඩ් එක නිසා මොකක් හරි බලන්න වෙනවා. "

"මම ජූන් එක්ක කතා කරලා බලන්නම්."

පොඩි දෙන්නත් එක්ක කතා කර කර ආව හන්ද්ද මන්දා මට ලොකු මහන්සියක් නැති වෙනකොට මම කෙලින්ම ගියේ ජන්ග්කුක්ව බලන්න. තාම දෙකට තුනට නැවිලා නිදාගෙන ඉන්න ජන්ග්කුක්ව දැක්කම මම ඉක්මනට එයාගේ ඔලුවට අත තියලා බැලුවේ එයාගේ උණ අඩු වෙලාද කියලා බලන්න. තාම ලොකු අඩුවක් නැති වෙනකොට මම වෙට් ටවල් එකක් එයාගේ ඔලුවෙන් තියලා වොශ් එකක් ගන්න ආවා.

"ජින් හ්‍යුන්ග්. මට යන්න පරක්කු වෙනවා, ඉක්මනට එලියට එන්නකෝ."

ටේයුන් තුන් වෙනි පාරටත් බාත් රූම් එකේ දොරට ගහනකොට මම ඉක්මනට ටවල් එකක් ඇදගෙන එලියට ආවේ ඒ ලමයට පරක්කු කරන්න බැරි හන්දා. කාමරට ඇවිල්ලා ඇදුම් ඇදගන්න යනකොට ජිමින් මගේ දිහා කන්න වගේ බලන් හිටියේ ඇයි කියලා මට තේරුනේ නැති උනාම මම එයා දිහා බැලුවේ ඇයි කියලා අහන ගමන්.

"නිකන්."

ජිමින් ඉක්මනට අහක බලාගන්නකොට මම ආයේ මගේ දිහා බලලා මොකුත් අවුලක් නෑ නේද කියලා තහවුරු කරගත්තා. සැහැල්ලු ඇදුමක් අරගෙන මම ඒක ඇදගෙන කෙලින්ම මගේ ඇක්ටින් ට්‍රේනර්ට කතා කරලා අද දවස මට එන්න වෙන්නේ නෑ කිව්වම මට පුලුවන් උනේ එයා එක්ක ඊලග දවසක රෑ වෙනකන් ට්‍රේනින් සෙශන් එක දාගන්න විතරයි.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 02, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

A W A K E   |  Jin Centric Where stories live. Discover now