Chapter 05

313 117 10
                                    

Jin's POV

මම අන්ක්ල් යොන්දො ගේ ක්වාටස් ලගට ගිහින් අන්ක්ල්ව හෙව්වා. අන්ක්ල් කෝල් එකක ඉදන් එලියට එනකොට මාව දැකලා එක තැන නතර උනා.

"යන්ග් මාස්ටර්. ඇයි මෙතන ? ලොකු මාස්ටර් දැක්කොත් බනියි හොදටම.."

"අන්ක්ල් මට ගමනක් යන්න ඕනේ.."

"කොහෙද? "

"මම කලින් ගිය තැනට. මාව එතනට අරන් යන්න. "

"මම ලෑස්ති වෙලා එන්නම් යන්ග් මාස්ටර්."

මම හිතුවට අන්ක්ල් ගොඩක් ප්‍රශ්න අහයි කියලා අන්ක්ල් මොකුත් ඇහුවේ නෑ. මම ගෙදර මේන් ඩෝ ලගට එනකොටම වගේ අන්ක්ල් වාහනේ අරන් ඇවිල්ලා මගේ ඉස්සරහින් නැවැත්තුවා. එයා ඇවිල්ලා මට යන්න දොර අරිනකොට මම එයා දිහා බලන්නේ නැතුව මගේ බැගේජ් 3 අරගෙන එනකොට අන්ක්ල් බය උන මූනකින් මගේ දිහා බලන් හිටියා.

"යන්ග් මාස්ටර්?"

"මාව බිග් හිට් එකට අරන් යන්න අන්ක්ල්."

"ඒත් මාස්ටර්?"

"මට මේ ගෙදර ඉදලා ඇති වෙලා. ප්ලීස් මාව අරන් යන්න."

"ලොකු මාස්ටර් දැනගත්තොත්-"

"පපා දැනගත්තාවේ අන්ක්ල්. මට වැඩක් නෑ. මට වැඩක් නෑ පපා මොනවා කිව්වත්. මාව අරන් යන්න."

"ඒත් යන්ග් මාස්ටර්....."

"අන්ක්ල් ප්ලීස්. "

"ඒත්.....- "

"අන්ක්ල්ද මට ඕඩර්ස් දෙන්න ඕනේ? මමනේ ?මාව දැන් අරන් යන්න..."

අකමැත්තෙන් උනත් මම කේන්තියෙන් කිව්වත් එයා අහන පාටක් පෙන්නුවේ නෑ

"පුතා ඔයා මේ කරන්න හදන දේ වැරදියි. ඔයාට ගෙදර දාලා යන්න බෑ "

අන්ක්ල් කියන දේ අහන්නේ නැති නිසා මම දෙවනි පාරටත් දණ ගැහුවා. පපා කියලා තියෙන්නේ කවුරු ඉස්සරහවත් දණ ගහන්න එපා කියලා. අඩුම තරමේ ඔම්මා ඉස්සරහාවත්... ඒත් මම දණ ගැහුවා.

"යන්ග් මාස්ටර් , නැගිටින්න..මොනවද මේ කරන්නේ?"

"අන්ක්ල් මම වදින්නම්.මාව මෙහෙන් අරන් යන්න. ප්ලිස්."

A W A K E   |  Jin Centric Where stories live. Discover now