Chapter 15

192 62 10
                                    



Jin's POV


 
"අපි ඔයාගේ ඇක්ටින්ග් ට්‍රේනින් එක පටන් ගන්න හිටියත් මේ වෙලාවේ ඒක කරන්න අපි ලග රිසෝර්ස් මදි. ඒ හන්දා... ඔයාට ප්‍රශ්නයක් නැත්තන්...අනිත් අයත් එක්ක වැඩ කරන්න...ම්ම්ම්. මෙහෙමයි ඔයාට තව මාස කිහිපයකින් අපි ඔක්කොම ෆැසි-"

"මම අනිත් අය එක්ක ප්‍රැක්ටිස් කරන්නම් මිස්ටර් සේජින්".

මම ඒක කිව්වත් එක්කම මිස්ටර් සේජින්ගේ මූණේ තිබ්බ කලබලකාරී ගතිය නැති උනත් ඒ මූනේ කියාගන්න බැරි මොකක් හරි අමුතු හැගීමක් තිබ්බා. පපා හිටියා නම් මිස්ටර් සේජින්ව දැක්ක ගමන් එයාගේ හිතේ තියන දෙවල් ඔක්කොම කියයි කියලා හිතුනත් පපා මගේ ලග හිටියේ නෑ එයාලගේ හිත කියවන්න. පපාගෙන් ඒ දේවල් ඉගෙන ගත්තේ නැති එක අපරාදේ කියලා හිතාගෙන මම මිස්ටර් සේජින් එක්ක තවත් කතා කරගෙන යනකොට එයා මට අනිත් අයත් එක්ක ප්‍රැක්ටිස් වෙන ශෙඩ්‍යුල් එක පැහැදිලි කරලා දුන්නා. මම ඒ ඔක්කොම අහගෙන ඉදලා අන්තිමට මගේ හිතේ තිබ්බ ප්‍රශ්නේ ඇහුවේ මිස්ටර් සේජින් ගේ මූණ ආයෙමත් කලබල්කාරි ගතියෙන් පුරවන ගමන්.

"මම වෝකල් ට්‍රේනින් ගන්නත් ඕනෙද?"

"ඔ-ඔව්. ඒක හොදයි ඔ-ඔයාගේ කැරියර් එකට. ඒ හන්දා..."

"හරි මිස්ටර් සේජින්! මම ශෙඩ්‍යුල් එකේ විදිහට වැඩ කරන්නම්."

මිස්ටර් සේජින් ඔලුව වනලා එලියට ගියාට පස්සේ මම මිස්ටර් සේජින් ඊමේල් කරපු ශෙඩ්‍යුල් එක ආයේ පාරක් බලලා මගේ වැඩත් එක්ක කොහොම එහෙ මෙහෙ කරගන්න පුලුවන්ද කියලා කල්පනා කරා. මගේ අනිත් වැඩ වලට කිසිම කරදරයක් වෙන්නේ නැති වෙන්න හැමදේම කරගන්න පුලුවන් කියලා තේරුනාට පස්සේ මම වොශ් එකක් දාගෙන ඇවිත් කට්ටියටම කෑම හදන්න පටන් ගත්තා. එයාලගේ ටයිම් ටේබ්ල් එකේ හාර්ඩ් කොපි එකක් කිචන් එකේ අලවලා තියාගෙන ඉන්න හන්දා එයාලා තව පැයකින් ආයේ එනවා කියලා දැනගත්තට පස්සේ මම කෑම හදන එක තව ටිකක් ඉක්මන් කරේ ආව ගමන් කන්න දෙන්න ඕනේ හන්දා.

මම හැමදේම හදලා මේසේ ලෑස්ති කරනකොටම දොර ඇරෙන සද්දේ ඇහුනම මට තේරුනා අනිත් අය ආවා කියලා. කවුරු හරි කිචන් එකට මේ දැන් එයි, මේ දැන් එයි කියලා බලන් හිටියත් කිසිම සද්දයක් නැති තැන මම එලියට ආවේ කට්ටියගේ සද්දේ එක පාර කොහොම අතුරුදහන් උනාද කියලා හිතාගන්න බැරි උන හන්දා. මම එලියට ඇවිල්ලා බලනකොට කට්ටියම පුටු වල තැන් තැන් වල වැටිලා ඉන්නකොට ජන්ග්කුක් එතන නෑ කියලා දැක්කම මම ආයේ බෙඩ් රූම් වල එයා ඉන්නවද කියලා බැලුවා.

A W A K E   |  Jin Centric Where stories live. Discover now