Jin's POV
මම රෑ නින්දක් නැතුව කල්පනා කර කර හිටියා මම කරපු දේ හරිද වැරදිද කියලා. හරිද වැරදිද කියන දේට වඩා මගේ ඔලුවේ තිබ්බේ ගෙදරට මේ ගැන කියන දවසට මොන වගේ තත්ත්වයක් හැදෙයිද කියන එක. ඕවා හිත හිත මම නිදාගන්නකොට පාන්දර 2.00ත් පහු වෙලා.
2.00 පහු වෙලා නිදාගත්ත මට වෙලාවට නැගිටින්න පුලුවන් උනේ නෑ. වෙනදට වෙනවා වගේම පපාගෙන් බැනුම් අහලා මන කෑම ගත්තා.ඒත් කලින් දවස් වල තරම් මට ඒ ගැන දුකක් හිතුනේ නෑ.
ඔම්මාට පෙක් එකකුත් දීලා මම කාර් එකට නැගුන ගමන් අන්ක්ල්ට කිව්වේ බිග් හිට් එකට යමු කියලා. අන්කල් බය වෙලා මගේ පැත්ත හැරුනම මට මතක් උනා අන්ක්ල් මේ ගැන දන්නේ නෑ කියලා
"පොඩි වැඩකට අන්ක්ල් යන්නේ. ඉක්මනට එන්න පුලුවන්."
"ලොකු මාස්ටර් දන්නවද මේ ගැන ?"
"ලගදිම දැන ගනියි."
"ඒත් යන්ග් මාස්ටර්....."
"අන්ක්ල් බය වෙන්න එපා. අන්ක්ල්ට මොකුත් අවුලක් වැටෙන්නේ නෑ. අපි දැන් යමු."
"මැඩම් මින්හීට කියකා ගියොත් නරකද? එතකොට මැඩම් මින්හී දන්නවනේ."
"මම ඔම්මාට කිව්වා. අපි දැන් යමු."
මම බොරු කිව්වේ.
මම අන්ක්ල්ට බොරු කිව්වේ.
මට බිග් හිට් එකට යාගන්න බැරි වෙයි කියලා හිතලා මම අන්ක්ල්ට බොරු කිව්වා.මගේ බොරුව විශ්වාස කරපු අන්ක්ල් මාව බිග් හිට් එකට ගෙනාවා. මම රිසෙප්ශන් එකට යනකොට ඊයේ එයාලා ප්‍රශ්න ඇහුවත් අද මාව දැකපු ගමන්ම මාව එක්කර ගෙන කෙලින්ම චෙයාමන් කැබින් එකට ගියා.
"ආහ්.සොක්ජින්. ගුඩ් මෝනින්. "
"ගුඩ් මොනින් චෙයාමන්."
"මට සතුටුයි සොක්ජින් මේ ඇග්‍රීමන්ට් එකට කැමති උන එක. ලීගල් ඔෆිසර් දැන් එයි. එයා කන්ට්‍රැක්ට් එක ඩීටේල් කරයි. ඊට පස්සේ හොදට හිතලා තීරණයක් ගන්න."
"ඔකේ චෙයාමන්."
"කෝ ගෙදර කවුරුත් ආවේ නැද්ද?"
"ම්ම්ම්. මේ. එ-එයාලා ... මේ දවස් වල සෝ-සෝල් වල නෑ."
"එහෙමද. කමක් නෑ එහෙනම්. එයාලා කැමතියි නේද මේකට?"
YOU ARE READING
A W A K E | Jin Centric
Fanfictionඅපේ අපාර්ට්මන්ට් එකේ දොර අරිනකොට මට ඇහුනා කවුද මන්දා මට කතා කරනවා. මම පිටිපස්ස හැරිලා බැලුවේ මාව නවත්තන්න කවුද ආවේ කියලා බලන්න. හිතේ අමුතු සතුටක් පැළ වෙද්දී මම ඩෝ නොබ් එකෙන් අත ගන්නේ නැතුවම පිටිපස්ස හැරුනා. ~ජින් හ්යුන්ග්, යන්න එපා. ~යන තැනක දොර ලොක...