Chapter 19

186 48 11
                                    

Jin's POV

 
මම ජන්ග්කුක් ව අරගෙන පාර්ක් එකට ඇවිල්ලා වාහනේ නතර කරලා ජන්ග්කුක් දිහා බැලුවත් එයා මොකුත් කියන්නේ නැතුව එයාගේ  යුනිෆෝම් එකේ හෙම් එක අල්ල අල්ල හිටියා. නොනවත්වා එයාගෙන් වැටෙන කදුලු වලට හේතුව මට හිතා ගන්න බැරි වෙනකොට මම කාර් එකේ දොර ඇරලා එලියට ඇවිත් එයාගේ පැත්තේ දොර ඇරියා.

"එන්න කුකී. අපි එලියට ඇවිල්ලා කතා කරමු."

ජන්ග්කුක් කාර් එකෙන් බැස්සට පස්සේ මම එයාගේ පිටේ තාම එල්ලිලා තිබ්බ බෑග් එක අරගෙන ඒක ගලවලා ශීට් එක උඩට දැම්මා. ඒ කරලා දොර වහලා කාර් එක ලොක් කරපු මම කුක්ගේ කරට අත දාගෙන එයාව පාර්ක් එකේ ඇතුලට අරන් ආවේ එයාව හොද රෙස්ටෝරන්ට් එකකට අරන් යන්න තරම් මට වත්කමක් තිබ්බේ නැති නිසා. වැඩිය කවුරුත් නැති තැනක් බලලා මම කුක්ව වාඩි කරවලා එයාගේ එහා පැත්තෙන් මාත් වාඩි උනේ එයාගේ ඇස් වලින් තාම ගලන කදුලු දිහා බලාගෙන..

"ජන්ග්කුක් මට කි-"

මම ජන්ග්කුක්ට කතා කරන්න හදනකොටම මගේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගන්නකොට මට තේරුනා ඒක බිග් හිට් එකේ හරි කෙන්ගේ හරි කෝල් එකක් කියලා. ඒ තැන් වල විතරක් මගේ ෆෝන් නම්බර් එක තියනකොට මම කෝල් එක බලන්නේ නැතුවම ආන්සර් කරද්දි මට එහා පැත්තෙන් නම්ජූන්ගේ කටහඩ ඇහුනා.

'හ්‍යුන්ග් අද ප්‍රැක්ටිස් කැන්සල්. ජන්ග්කුක්ටත් කියන්න.'

"මම කියන්නම් ජූන්.."

ජූන්ගේ ෆෝන් කෝල් එක කට් කරලා මම ආයේ ජන්ග්කුක් දිහා බැලුවම මම දැක්කා එයා මගේ දිහා බලන් ඉන්නවා. එයාටත් අද  ප්‍රැක්ටිස් කැන්සල් කියලා කිව්වට පස්සේ ජන්ග්කුක් ඔලුව වනද්දි මම ආයේ එයාගේ මූණට එබුනේ එයාට තියන ප්‍රශ්නය මොකක්ද කියලා හිතාගන්න බැරුව.

"හ්‍යුන්ග්ට කියන්න මොකක්ද ප්‍රශ්නේ කියලා කුක්?"

"ම-මට ස්-ස්කූල් යන්න බ්-බෑ. මට බිග් හිට් යන්න බ්-බෑ. මට ගෙ-ගෙදර යන්න ඕනේ හ්‍යුන්ග්."

ජන්ග්කුක් එක පාරටම ඉස්සරහට ඇවිල්ලා මාව බදාගන්නකොට මම මොකුත් නොකියා එයාගේ පිටට තට්ටු කරා. ජන්ග්කුක් හොදටම අඩනකොට මම එයාගෙන් ප්‍රශ්න අහන එක නවත්තලා එයාට අඩන්න දුන්නේ එයාගේ හිතට ඒකෙන් පහසුවක් වෙයි කියලා උනත් අන්තිමට එයා ඉකිගගහා අඩනකොට මම එයාට හෙමින් කතා කරා.

A W A K E   |  Jin Centric Where stories live. Discover now