Chapter 13

200 66 15
                                    

  Jin' s POV




මැනේජර් සේජින් හවස හයට මීටින් එකක් ගන්නවා කියලා කිව්වම මම ඉක්මනට කන්න හැදුවා  නම් හරි කියලා හිතුවේ හවස හය වෙන්න තව හරියටම පැය බාගයක් වගේ වෙලාවක් තිබ්බ හන්දා. මීටින් එක ඉවර වෙන්නේ කීයටද දන්නේ නැති හන්දා මම කෑම හදන්න ෆ්‍රිජ් එක ඇරන් ඉන්න අතරේ නම්ජූම් යුන්ගි දෙන්නා මොනවදෝ කතා කර කර කිචන් එකට ඇවිල්ලා වතුර බිව්වා. මම ඉන්නවද කියලා ගණන් ගන්නෙවත් නැතුව එයාලා එයාලගේ වැදගත් කතාව කරගෙන යන්කොට මට තේරුනා එයාලා ටකාශි එන්ටටේන්මන්ට් එකේ අලුතින්ම ඩෙබ්‍යු උන බෝයී බෑන්ඩ් එක ගැන ඒ කතා කරන්නේ කියලා.

ආයෙමත් දොරට තට්ටු කරනවා ඇහුනම මම ඒ දෙන්නගෙන් කවුරු හරි ගිහින් දොර අරිවි කියල හිතුවත් දෙන්නා දෙන්නගේ කතා වල නිසා මම ෆ්‍රිජ් එක වහලා දොර අරින්න ගියා. ජිමින් ඒ වෙනකොටත් දොර ඇරලා තිබ්බ හන්දා මම ආයේ අනිත් පැත්ත හැරිලා  කිචන් එකට එන්න හැදුවත් දොර ලග එලිය හිටපු කෙනාගේ මූණ ගොඩක් පුරුදුයි කියලා දැනුන හන්දා ආයෙමත් දොර දිහා බැලුවම මම දැක්කා ජිමිනුයි එලියේ හිටපු එක්කෙනයි දෙන්නම මගේ දිහා බලාගෙන ඉන්නවා.

"හ්‍යුන්ග් මේ ඔයාව හම්බෙන්න-"

"හරි චිම්. මම බලන්නම්"

මම ඉක්මනට ජිමින්ව අයින් කරලා ඔම්මා ලගට ආවේ එයා ආපහු එන්න හේතුව මොක්කද කියලා හිතාගන්න බැරි උන හන්දා. මම ආයෙමත් වතාවක් ඔම්මාව හග් කරනකොට ඔම්මා මගේ කම්මුලට කිස් එකක් දීලා මාව පැත්තකට අයින් කරා.

"මම මේ පොඩි දේවල් ටිකක් ගෙනාවා ඔයාලට ..."

ඔම්මාගේ ලගට වෙලා මම පිටිපස්ස බලනකොට මම දැක්කා කවුදෝ මන්දා කට්ටියක් මොන මොනවදෝ පෙට්ටි ගොඩක් උස්සගෙන අපි ඉන්න පැත්තට එනවා. ඔම්මාගේ ඩ්‍රයිවර් එයාලට පාර පෙන්නනකොට ඔම්මා මාත් එක්ක හෝල් එකේ එහා බිත්තිය ලගට ආවා

"මොනවද ඔම්මා මේ?"

"පොඩි බඩු ටිකක්. ඔයාට ඕනේ වෙනවා කියලා හිතුන දේවල් ටිකක්. "

ඔම්මා පොඩි බඩු ටිකක් කියලා කිව්වට එතනට තාමත් එන බඩු ගොඩ අතරේ මම දැක්කා ගොඩක් බඩු තියනවා. ඩිශ් වොශර් එක, වොශින් මැශින් එක, කොෆී මැශින් එක, ඒ සී මැශින් එක , පෝටබ්ල් හීටර් එක , එලෙක්ට්‍රික් කුකර් එක.. මගේ ඇස් ඉස්සරහට පේන්න තිබ්බේ ඒවා විතරක් උනාට ඊට පස්සේත් තව බඩුගොඩක් තියනවා කියලා මම දැක්කා.

A W A K E   |  Jin Centric Dove le storie prendono vita. Scoprilo ora