Jin's POV
හයියෙන් කන ගමන්, කතා කර කර ලොකු තුන් දෙනා කෑම කකා ඉන්නකොට මම පොඩි එක්කෙනා දිහා බැලුවේ එයාගේ සද්දය්ක් නැති හන්දා. ඒත් මම ඒ වෙනුවට දැක්කේ බාගෙට කදුලු පිරුන ඇස් දෙකක්.....
මට ජන්ග්කුක්ගෙන් ඇයි කියලා අහන්න ඕනේ උනත් එයා කදුලු හන්ග ගන්න විදිහ දැක්කම ඒක අහන්න හිතුනේ නෑ. අනිත් තුන් දෙනා ඉස්සරහා එයාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව පස්සේ අහනවා කියලා හිතාගෙන මම ආයෙමත් කන්න යනකොටම මගේ ෆෝන් එක රින්ග් උනා.
කෑම මේසයේදි ෆෝන් එක අතට ගන්න එක වැරැද්දක් කියලා මට මතක් උනත් මේ ඉන්නේ පපා එක්ක නෙවෙයි කියලා තේරුන් හන්දා මම බය නැතුව ෆෝන් එක ගත්තා. හ්යුන්ග්ගෙන් කෝල් එක කියලා දැක්ක ගමන්ම මම අනිත් අයට එක්සියුස් කරලා වතුර බීලා බෙඩ් රූම් එකට ආවා.
"හ්යුන්ග්"
~ජිනී ඔයා කොහෙද ඉන්නේ ?
"හ්-හ්යුන්ග් ම-මම ගෙදර නෙ-නෙවේ ඉන්නේ."
~මම දන්නවා ගෙදර නෙවෙයි කියලා. ඔයා ඉන්න තැන කියන්න මම දැන්ම එනවා ඔයාව එක්කන් යන්න.
"හ්-හ්යුන්ග්..."
~මට කියන්න ඔයා කොහෙද ඉන්නේ කියලා.
"හ්යුන්ග් ඒත්...."
~ජිනී කියන්න මට ඔයා කොහෙද ඉන්නේ කියලා.
"හ්යුන්ග් ප්ලිස්..."
~කිව්වම අහලා කියනවා ජින් තමුන් කොහෙද ඉන්නේ?
"බි-බිග් හිට් එකේ."
~බිග් හිට් එන්ටටේන්මන්ට් ?
"ඔ-ඔව්. "
~මම මේ දැන්ම ඔතනට එනවා. මට ලොකේශන් එවලා තියන්න.
"හ්යුන්ග්..... හ්යුන්ග් ......"
මම කතා කරන්න කලින් හ්යුන්ග් කෝල් එක කට් කරලා තිබ්බා. මම ආයෙමත් හ්යුන්ග්ට ගන්න හැදුවම එයා කෝල් එක කට් කරලා මට ලොකේශන් එක එවන්න කියල මැසේජ් එකක් එව්වා.
හ්යුන්ග් ට ලොකේශන් එක යැව්වත් මගේ හිතේ බය වෙනස් උනේ නෑ. බිල්ඩින් එක ඇතුලට හ්යුන්ග් ආවොත් මොනවා කරයිද කියලා දන්නේ නැති හන්දා මම අනිත් අයට කියලා පහට ඇවිත් හ්යුන්ග් එනකන් බලන් හිටියා.
YOU ARE READING
A W A K E | Jin Centric
Fanfictionඅපේ අපාර්ට්මන්ට් එකේ දොර අරිනකොට මට ඇහුනා කවුද මන්දා මට කතා කරනවා. මම පිටිපස්ස හැරිලා බැලුවේ මාව නවත්තන්න කවුද ආවේ කියලා බලන්න. හිතේ අමුතු සතුටක් පැළ වෙද්දී මම ඩෝ නොබ් එකෙන් අත ගන්නේ නැතුවම පිටිපස්ස හැරුනා. ~ජින් හ්යුන්ග්, යන්න එපා. ~යන තැනක දොර ලොක...