Chapter 03

375 126 21
                                    

Jin's POV



මම කොලේජ් එකට යනකන් කල්පනා කර කර ගියේ අද කොහොමද පපාට හොරෙන් බිග් හිට් එකට යන්නේ කියලා. මට එන්න කිව්වේ 1.00ට. මට 1.00-3.00 ලෙක්චර්ස් නැති වෙලාවකුත් එක්ක. ඒත් මට යන්න විදිහක් හිතාගන්න බැරි උනා.

"යන්ග් මාස්ටර්?"

"අන්ක්ල්."

"මොකක් හරි ප්‍රශ්නෙකද මාස්ටර් ඉන්නේ?"

"හ්ම්ම්..ඒ වගේ. මම අන්ක්ල්ට පස්සේ කියන්නම්. "

අන්ක්ල් කොලේජ් එක ලගින් නවත්තලා මට කාර් ඩෝ එක ඇරියම මම අන්ක්ල් එක්ක හිනා වෙලා කොලේජ් එක ඇතුලට ආවා. කෝලේජ් ගේට් එකෙන් ඇතුලට එනකොටම මට අමතක වෙලා තිබ්බ මතකයක් ඔලුවට ආවා.

කෙන්...

ඊයේ උන දේවල් ඔක්කොම මගේ ඔලුවට එක දිගට ආවා. ඇත්තටම ඒ කෙන් නෙවෙයිද? මට වැරදුනාද? සමහර විට මට වැරදෙන්න ඇති. එක දවසක් දැකපු කෙනෙන්ව මම කොහොමද කියන්නේ ඒ එයාමයි කියලා.  ඒත් ඒ එයාම තමයි.....

මම ඔක්කොම දේවල් කල්පනා කර කර ගිහින් පලවෙනි ලෙක්චර්ස් දෙක අමාරුවෙන් ඉවර කරගත්තා. හැමදාම හරියට හැමදේම අහගෙන හිටියත් අද මගේ හිතේ තිබ්බේ දවල්ට කොහොමද එලියට යන්නේ කියන එක විතරයි.

එකම එක විදිහයි මගේ හිතට ආවේ. ඔව්. ඒ විදිහට බිග් හිට් එකට ආවා..  ලොකු අමාරුවක් උනේ නෑ. අනිත් ගේට් එකෙන් එලියට ගිහින් මම  ටැක්සි එකක් අරන් බිග් හිට් ආවා.  අනිත් අයට ඒක ලොකු දෙයක් වගේ නොපෙනුනාට මට ඒක ලොකු දෙයක් උනේ මම කවදාවත් ඒ වගේ දේවල් කරලා නැති හන්දා.

1.00ට විනාඩි 5ක් තියලා මට පුලුවන් උනා බිග් හිට් එක ඉස්සරහට එන්න. තට්ටු කිහිපයක පොඩි බිල්ඩින් එකක් ඉස්සරහා මම කල්පනා කරේ අපේ ගෙදරත් මීට වඩා ලොකුයි නේද කියලා. මම රිසෙප්ශන් එක ලගට ගියාම රිසෙප්ශනිස්ට් මගෙන් අපොයින්මන්ට් ගැන ඇහුවා. මට මොන අපොයින්මන්ට් ද?

මම ඊයේ කෝල් කරපු නම්බර් එකට කෝල් කරලා මම ආවා  කියලා එයාට කිව්වා. විනාඩි 2කටත් වඩා අඩු කාලෙකින් ඊයේ මම දැකපු කෙනා කොහෙන්ද මන්දා ආවා.  ඊයේ වගේ කැශුවල් නෙවෙයි. මම එයාට ආචාර කරාට පස්සේ එයා මාව එක්කගෙන කොහෙද කොහෙද මන්දා එක්කන් ගියා. කැබින් දෙකකට ගිහින් දෙකකට මාව අදුන්නල දීලා අන්තිමට මාව වෙනම කැබින් එකකට අරන් ගියා. ඉස්සරහ තිබ්බ පුටුවෙන් වාඩි වෙන්න කියලා එයා එතන හිටපු සෙකට්‍රිට මොනවද මන්දා කිව්වා. කෝල් එකක් ගත්ත සෙකට්‍රි අපිට ඇතුලට යන්න කියලා කිව්වම එයා මාවත් එක්කගෙන ඒ කැබින් එක ඇතුලට ගියා 

A W A K E   |  Jin Centric Where stories live. Discover now