Chapter 16

191 61 5
                                    



Jin's POV

"මේ කාර්ඩ් එක ඩ්ක්ලයින් කරලා එහෙම නැත්තන් අකවුන්ට් එකේ සල්ලි නෑ."

කෙන් මගේ ඉස්සරහා ඉදන් කියනකොට මම බලාගෙන හිටියේ මගේ අතේ වෙන සල්ලි තිබ්බද කියලා මතක් කරන ගමන්. එත් කෙන් ඊලගට කිව්ව දේත් එක්ක මම එයා දිහා පුදුම වෙලා බැලුවේ එච්චර නරක විදිහට සලකපු එයාගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි හන්දා.

"පුලුවන් වෙලාවක සල්ලි දෙන්න."

කෙන් මගේ අතට කාර්ඩ් එකත් දිලා යන්න ගියාම මම මොකුත් නොකියා එය දිහා බලන් හිටියේ මට කියාගන්න දෙයක් තිබ්බේ නැති හන්දා.දොර ලග ගොඩක් වෙලා කල්පනා කරලා ඉදලා මම ආයේ කෑම ටික අරන් ඇතුලට ආවේ හෝසොක් කතා කරපු හන්දා. හෝසොක් ඉන්න තැනින් කෑම පාර්සල් ටික තියලා මම ෆෝන් එකත් අරන් එලියට ආවේ ඔම්මාට කෝල් කරන්න කියලා හිතාගෙන. බැල්කනි එකේ ඉදන් ඔම්මාට ගන්නකොට ඔම්මා ආන්සර් කරයි කියලා හිතුවත් එයා ආනසර් කරේ නෑ. හ්‍යුන්ග්ට ගත්තත් එයත් ආන්සර් නොකරනකොට මම හිතුවා පස්සෙම මම කතා කරනවා කියලා.

මම ආයේ එනකොට කට්ටියම කෑම ගන්න ගමන් හිටියා. මමත් එතනින් වාඩි උනාට මගේ හිතේ ලොකු බරක් තිබ්බේ කාර්ඩ් එක ගැනයි, ගෙදට කවුරුත් ෆෝන් ආන්සර් කරන්නේ නැති එක ගැනයි. කට්ටියම එක්ක කෑම ගන්න අතරේ මිස්ටර් සේජින් අපේ ඩෝම් එකට ඇවිල්ලා අපි කෑම ගන්න දිහා පුදුම වෙලා බලන් හිටියා. නම්ජූන් එයාගේ ශීට් එක මිස්ටට් සේජින් ට දෙන්න නැගිට්ටම මිස්ටර් සේජින් එයාව නැවැත්තුවා

මම ආවේ ලොකු දෙයක් කියන්න නෙවෙයි. හෙට ඔයාලගේ මෙඩිකල් චෙකප් එක තියනවා. උදේ හත වෙනකොට ලෑස්ති වෙලා ඉන්න. ඔයාලා පැය අටක් ෆාස්ටින් ඉන්න ඕනේ. ඒ නිසා ඩිනර් එකෙන් පස්සේ මොකුත් කෑම ගන්න එපා. පොඩි තුන් දෙනාගේ ස්කූල්ස් වලට මම දැනටමත් මේ ගැන ඉන්ෆෝම් කරා. සොක්ජින්, ඔයා ඔයාගේ ලෙක්චරර්ස්ලට කතා කරන්න. හතට හැමෝම යන්න ලෑස්ති වෙන්න එහෙනම්. ගුඩ් නයිට්.

එක දිගට සෙජින් හ්‍යුන්ග් කියවගෙන යන්න ගියාට පස්සේ ජිමින් කතා කරලා නම්ජූන්ගෙන් ඇහුවා ඇයි මෙඩිකල් චෙකප් කියලා. නම්ජූන් කිව්ව විදිහට අපේ ඩයට් ප්ලෑන්ස් හදන්නයි, තව දේවල් වලටයි එයාලා මෙඩිකල් චෙකප් එකක් කරනවා. යුන්ගි අපි හොදට කන අන්තිම දවස මේක කියලා කිව්වම ජන්ග්කුක් බය උනත්, මම එයාට ඇස් වලින් කිව්වා එහෙම දෙයක් නෑ කියලා.

A W A K E   |  Jin Centric Where stories live. Discover now