Chapter 06

329 120 32
                                    

Jin's POV


මිස්ටර් ලීට කතා කරාට පස්සේ එයා කිව්වා එයාගෙ කැබින් එකට එන්න කියලා. මම ආයෙමත් පඩිපෙල බැහැගෙන ගිහින් අනිත් බිල්ඩින් එකට ගියේ මිස්ටර් ලීව හම්බෙන්න. මම එයාව මේ දවස් 3ට තුන් විදිහටම දැක්කා. බස් එකේදි කැශුවල්, බිග් හිට් එකේදි ෆෝමල් එතකොට දැන්..  මට ඒක කියන්න තේරෙන්නේ නෑ. 

මම දොරට තට්ටු කරාට පස්සේ එයා ඇතුලට එන්න කියලා කිව්වම මම ඇතුලට ගියා. පොඩි කැබින් එකක තව එම්ප්ලොයීස්ලා 3 දෙනෙක් ඒකේ හිටියා. මම මිස්ටර් ලී ලගට ගියාම එයා වාඩි වෙන්න කියලා පෙන්නපු පුටුවෙන් වාඩි උනාට පස්සේ එයා එයාගේ ඇස් කම්පියුටර් මැශින් එකෙන් එලියට ගත්තා.

"ඔයා එහෙනම් අන්තිමේදි ඇවිල්ලා. "

"ඔව් මම ආවා."

"කවද්ද ආවේ? කොහොමද ඩෝම් එක."

"අද ආවේ. ඩෝම් එක......හොදයි.ඒත්.."

"ඇයි.?"

"මාත් එක්ක තව කට්ටිය ඉන්නවා. එයාලත් ඇක්ටර් කෙනෙක් වෙන්න  ට්‍රේන් වෙන අයද?"

"ම්ම්ම්.නෑ. අපි දැනට ට්‍රේනින් ගත්තේ ඔයාවයි හන්ශියුක් වයි විතරයි. හන්ශියුක් නම් දැනටම එයාගේ ට්‍රේනින් පීරියඩ් එකේ බාගයක් ඉවරයි. ඉන්න මම ඒක ගැන බලන්නම්."

මිස්ටර් ලී කාටද මන්දා කතා කර කර ඉන්නකොට මගේ ෆෝන් එකට හ්යුන්ග් ගෙන් කෝල් එකක් ආවා. මම ඒක කට් කරලා ෆෝන් එක සයිලන්ට් කරේ මෙතනින් එලියට ගියාට පස්සේ හ්යුන්ග්ට කතා කරලා මේ ගැන කියනවා කියලා හිතාගෙන.

"පුතා. මම මේ ගැන කතා කරා. අපිට ඉඩ සම්බන්ද ප්‍රශ්නයක් මේ දවස් වල තියෙන්නේ. ඔයාට වෙනම ට්‍රේනින් එක යන්නේ. හන්ශියුක් එයාගෙ ට්‍රේනින් එක තව මාස 2කින් ඉවර වෙනවා. එතකොට ඔයාට පුලුවන් එයාගේ යුනිට් එකට යන්න".

මම ඒක තේරුම් ගත්තා කියලා කියන්න ඔලුව වැනුවට පස්සේ මම මිස්ටර් ලී එක්ක තව එක එක දේවල් කතා කර කර හිටියා. ඒත් මම බයේ හිටියේ පේරන්ට්ස්ලා ගැන අහයි කියලා..ඒත් එයා ඒ ගැන මොකුත් ඇහුවේ නෑ.

මුලදි කතාව මට පහසුවක් උනාට පස්සෙ ඔම්මා, පපා ගැන මතක් උනාම මට මිස්ටර් ලී එක්ක කතා කරන එකත් ලොකු අපහසුවක් උනා. මම එයාට ආචාර කරලා එලියට ආවේ හ්යුන්ග්ට කතා කරන්න කියලා හිතාගෙන. හ්යුන්ග්ට කෝල් එක අරගෙනම  මම තට්ටු 4 නගින්න පටන් ගත්තේ පපා ශේප් උනා නම් පපාට කියලා මේකේ ලිෆ්ට් එකක් හදවගන්න තිබ්බා නේද කියලා හිත හිත. 

A W A K E   |  Jin Centric Where stories live. Discover now