දෙවැනි දිගහැරුම ... 💝

2.4K 486 239
                                    

💝💝 Because of you 💝💝.....

"කවුද තමුන්...."

යීබෝ කෙටි බැම්මෙන් හිස දමා බලද්දි ඔහු සිටියේ එතැන පහත්වී බිම බලාගෙනයි..... යීබෝගෙ කටහඩ ඇසෙන විටම ඔහු එතැනින් නැගිට්ටත් තවමත් හිස ඔසවා බැලුවේ නැත.... රතුපාට කොටු කොටු වැටුනු ඔහුගේ සිරුරටත් වඩා දෙගුනයක් විශාල ජැකට්ටුවක් ඇද සිටි ඔහුගේ හිසකේ අවුල්වී ඇතිබව යීබෝ යලිත් තහවුරු කරගත්තේය ..... රෝහල පිහිටා තිබෙන්නේ තරමක කන්දක් සහිත භූමියක නිසා එන සුලඟට ඒ කෙහෙරැලි ඒ මේ අත දඟලයි.....

",සීන්........ අද මොකෝ....."

චාඕ ගේ හඩින් ඔහු හිස ඔසවා බැලුවේය ...

සීන් ෂියාඕ ශාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සීන් ෂියාඕ ශාන් ...වයස අවුරුදු 19.......

ඒ දඟකාර දෑස් දුටු සැනින් යීබෝගෙ පපුව මොහොතකට නතර වුණ බව ඔහුටම දැනුණි ... ඒ ඇස් බලා සිටින්නේ ඔහු දෙස නම් නොවේ ඔහුට පිටුපසින් සිටින චාඕ දෙසයි ..ඒ මහා හිතුවක්කාර මුරණ්ඩු ඇස් දෙකක් බවට නම් සහතික විය හැකිය.... . මොකක්දෝ අමුතු සුන්දරත්වයක් ඒ උවන තුලින් යීබෝ දුටුවේය ...රෝසපාට සිහින් දෙතොල් සහ ඊට පහතින් ඇති චූටි මෝල් එක ආහ්...... කවදාවත් නැතිව හදවත පිස්සු නටන්නෙ මන්දැයි යීබෝ කල්පනා කරන්නට විය...

" ඩොක් චාඕ ...... මාව ගෙදර එක්ක යන්න පුලුවන්ද ...."

අර දඩබ්බර ඇස් එක්වරම අහිංසක කරගෙන ඔහු චාඕගෙන් ඇසුවේය ...

" ඊයෙ රෑ ගෙදර නෙමෙයිද හිටියේ ..."

චාඕ යීබෝ අසලටම පැමිණ ඇසුවේය ... ඔහු නෑ යයි කියන්නට හිස සෙලවූයේය ...

" එන්න වටෙන් ඇතුලට ..."

සීන් ඇස්වලින් යීබෝව පෙන්වීය ..

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now