නවවෙනි දිගහැරුම ... 💝

1.9K 472 257
                                    

💝💝 Because of you 💝💝.....

"ඩොක්...."

" කියන්න බටු ඇටේ..."

" මට බඩගිනී ....."

යීබෝගෙ බඩපපුව පත්තුවී ගියේය ... චාඕ ගේ නිවසින් කෑ කටවල් දෙකත් පිච්චී ගියේය....

" වේල කීයක් බඩගින්නෙ හිටියද සීන්.... බලන්න බඩක් කියන නාමයක් නෑ...."

යීබෝ සීන්ගේ බඩට අත තබා කීවේය .... සීන් කිසිවක් කීවේ නැත... කදුලු පිරි දෙනෙත් වලින් යීබෝ දෙස බලා සිටියේය ..... කියාගන්නට නොතේරෙන හැඟීමක් සීන්තුල ඩොක්ටර් පිලිබදව ඇතිවී තිබුනි.... ඉතින් අතාරින්නටත් නොහැකි අල්ලාගෙන ඉන්නටත් නොහැකි යමක් දෙස බලා ඉන්නාක් මෙන් සීන් මේ සතිය ගෙවා දැම්මේ තෝන්තුවෙනි ... ඉතින් බර ආහාරයක් බඩට වැටුනේ වේල පහ හයකට වතාවක් කීවොත් නිවැරදිය.....

" මොනවද ඕන... මම ටක් ගාලා බත් උයන්නද ..හ්ම්ම්ම්ම්..."

" එපා....නූඩ්ල්ස් එකක් කමු.... "

සීන් යීබෝගෙ දෑස්වලින් දෑස් ඉවතට නොගෙනම කීවේය ....

" හරි ඔතනම ඉන්න.. විනාඩි පහෙන් හදන්නම්...... "

යීබෝ සීන්ගේ කම්මුල් සෙමින් අතගා ඔහුව පුටුවෙන් හිදුවා ඉක්මනින් නූඩ්ල්ස් පැකට් දෙකක්ම ඉවතට ගත්තේය ... සීන් කැමති අධික මිරිස් සැරට වූවත් වේල් කිහිපයක් කුසගින්නේ හිද හිස්බඩට මිරිස් අඟුණ නිසා සැර අඩු නූඩ්ල්ස් පැකට් දෙකක් ගෙන වතුර උණුවෙන්නට තබා බිත්තර දෙකක්ද ඉවතට ගත්තේය ... ඉක්මනින් නූඩ්ල්ස් එක තම්බා බටර් ටිකක් පෑන් එකකට දමාබිත්තර දෙක එයට දමා කලවම් කර නූඩ්ල්ස් සහ රස කාරක මිශ්‍රකලේය.... තරමක් වතුර ගතිය තියෙන්නට නූඩ්ල්ස් එක පිසගත් පසු එය ලොකු බදුනකට දමා සීන් අසලින් තැබුවේය .....

" කන්න .... මම කිරි එකක් හදන්නම්..."

සීන් හා යැයි කියන්නට ඔලුව වනමින් කෑම ආරම්භකලේය... යීබෝ කිරි එක හදාගෙන එනවිට සීන් නූඩ්ල්ස් එකෙන් තුන්කාලක් පමණ අවසන්කර තිබුනි.... දෙකක් මදිවේදෝයි යීබෝට සිතුනත් සීන් ආහාර ගැනීම නතර කලේය....

" ඔය ටික කාලා ඉන්න කිරි බොන්න...."

සීන් කිරිඑක අතට ගත් නිසා යීබෝ කීවේය ...

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now