තුන්වැනි දිගහැරුම .....💝

2K 452 171
                                    

💝💝 Because of you 💝💝

යීබෝ චාඕ සමඟින් තවත් සුලු මොහොතක් මිදුලේ රැඳී සිටින විට සීන් මෙන්ලි සමගින් නිවසින් පිටතට ආවේය ...

" චාඕ..... සීන් රෑට කාල ගියපු දෙන් නේද ඔයාට පුළුවන් නේද ගිහින් දාන්න ..."

මෙන්ලි ඇසුවේය ... සීන් සිටින්නේ මෙන්ලිට මුවාවී නමුත් දැනුත් ඒ ඇස් තිබෙන්නේ යීබෝ වෙතට එල්ලවී බව මන්දාලෝකයෙන් වුවත් යීබෝ දුටුවේය ....

" අංකල් කෑගහයි මෙන්ලී.... "

" නෑ නෑ අංකල්ගෙ පණිවිඩයකටත් එක්ක තමයි ඇවිල්ල තියෙන්නේ ...."

මෙන්ලි යලිත් කීවේය ...

" මොකක්ද පණිවිඩය ..."

",අලුත් දොස්තර මහත්තයට ඒ පැත්තෙ ඇවිල්ල යන්න එන්න කිව්වලු හෙට රෑ කෑමටත් එක්ක.. ... යීබෝ මල්ලි ඔයාටත් එක්ක ඩිනර් හදනවා උයන්න එපා හොදේ ...."

මෙන්ලි එසේ කියාගෙන සීන් සමගින්ම යලිත් නිවසට ඇතුල් විය ....

" කොහොමත් මම හෙට උඹව ඒ පැත්තෙ එක්ක යන්න හිටියේ .එයා නෙ මේ ගමේ ප්‍රධානියා ... ඉතින් අනිවාර්යෙන්ම ගිහිල්ලා එයා මුණගැහෙන්න ඕන ... "

චාඕ පැහැදිලි කලේය.... දැන් නම් හොඳටම සීතල වැඩි වී ඇත .. කෑලි කැපුවත් නොපෙනෙන අන්ධකාරය එක් පසෙකින් තියෙද්දී අනෙක් පසෙන් රෝහලෙහි විදුලි බුබුළු ආලෝකය පෙනෙන්නට විය ... ඈතින් පෙනෙන ගම්මානයෙ කුඩා ආලෝක එළි යන්ද කණාමැදිරියන් සේ පෙනෙන්නට පටන් ගත්තේය ... රෝහලට පහලින් ඇති කඩමන්ඩිය මේ වනවිටත් අන්ධකාරයේ ගිලී තිබුණි ..

" කෑම රෙඩි උනහම මම කතා කරන්නම්..."

ක්වාටස් එක දෙසට යන යීබෝට චාඕ කීවේය .... යීබෝ නිවසට ඇතුලුවී ඇඳෙන් මදක් හාන්සි විය... හෙට අනිවාර්යෙන්ම අක්කාට ඇමතුමක් ගත යුතුය.. ඊලගට රෑන්ග් ට .... තම පියා අනිවාර්යෙන්ම උමතුවෙන් මෙන් තමන් සොයන බව යීබෝ හොඳින්ම දන්නා කරුණකි ...ඔහු මේ වන විටත් රෝහලට ගොස් රෑන්ග් ව සහ ඩොක්ටර් යූ ෂියැන්ග් ව මුණගැසී ඇති බවට නම් සැකයක් නැත.... පියා ගැන එතරම් කල්පනා කළ යුතු නැත .. ඔහුගේ ව්‍යාපාර වලට සිදුවන හානිය ගැන පමණක් ඔහු සිතන බව යීබෝ අත්දැකීමෙන් දන්නා කරුණකි... මේ වන විට හොඳටම මායම් වී ඇත්තේ තම මෑණියන් බව සිහිවී යීබෝගෙ මුවගට සිනහවක් මතු විය ...

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now