විසි හත්වෙනි දිගහැරුම ...💝

1.6K 390 191
                                    

💝💝 Because of you 💝💝.....

මෙන්ලි හුන් තැනින් නැගිටිමින් කීවේය ... මෝටර් රථය රෝහල ඉදිරියේ නතර කරන අයුරු සීන් ගල්පඩිය උඩට වී බලාගෙන සිටියේය....

මෝටර් රථයේ දොරක් විවර විය...

සීන් ඒ දෙස හොදින් බලා සිටියත් ඉන් පිටතට ආ කාන්තාව ඔහු මින් පෙර දැක තිබුනේ නැත... අනෙක් පස දොරත් විවරවිය... ඉනුත් පිටතට ආවේ මැදිවියේ කාන්තාවකි... මොවුන් දෙදෙනාම අසංවර ඇදුමින් සැරසී සිටි අතර මුලු මුහුණ්ටම සෑහෙන පාටවර්ග තවරා ඇතිබව සීන් දුටුවේය ..

" කවුද මෙන්ලි ජීයි ...... මේ...."

සීන් පුදුමයෙන් ඇසුවේය ... මෙන්ලිත් ඒ දෙස පුදුමයෙන් බලමින් දන්නෑයි කියන්නට හිස සැලුවේය ...

***

රෝහල් මිදුලේ නතරකල වාහනය හදුනාගැනීමට යීබෝට එතරම් වේලාවක් ගතවූයේ නැත... දකින්නටවත් අකමැති මව සහ ජීවිතය අපායක් කරන්නට සූදානම් වූ යැංසි......... යීබෝ චාඕ දෙස බැලුවේය ... ඔහුත් වාහනයෙන් එළියට ආ අංගනාවන් දෙස බලා පුදුමයෙන් යීබෝ දෙස බැලුවේය ... මැලවී ගොස් ඇති ඒ මුහුණ නිසා ඔවුන් කවුරුන්දැයි චාඕ හදුනාගත්තේය ....

" ආහ්..... එහෙනම් මේ වන්නියේද ඔයා ඉන්නෙ...."

ඔවුන් කාර්‍යාලය තුලට පැමිණ තම සායම සෝදාහරින්නට පෙර යීබෝ මිදුලට ගියේය .. ඔහුව දුටු සැනින් ඔහුගේ මව නඟාගත් අවඥා සහගත සිනාවක් සමගින් එසේ ඇසුවේය ..... නමුත් යීබෝගෙ දෙනෙත් ගොස් නතරවූයේ ඔවුන්ට පිටුපසින් සෙමින් සෙමින් ඇවිද එන සීන් අසලයි.... යීබෝ සීන්ට එන්නයැයි ඔලුවෙන් කතාකලේය .....

" ඇයි හොයාගෙන ආවේ........ මැරිලද කියලා බලන්නද .."

යීබෝ තරමක් කේන්තියෙන් ඇසුවේය ... සීන් යීබෝ අසලට පැමිණ ඔහුගේ සිරුරට පිටුපසින් හිටගත්තේය ...

" පැනලා ගියපු මිනිස්සු හොයාගෙන ආවෙ ඉතින්....."

යැංසි සිනාසෙමින් කීවේය ... මේ සිටින්නේ ඩොක් ගේ කරදර කාරයන් බව සීන් තේරුම් ගත්තේය .....

" අපිට හරිම ටයර්ඩ්..... කෝ ඔයාගෙ ක්වාටස් එක....."

යීබෝගෙ මව වටපිට බලමින් ඇසුවේය ....

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now