විසිපස්වන දිගහැරුම ....💝

1.6K 405 130
                                    

💝💝 Because of you 💝💝.........

🌞 🌞🌞🌞🌞

වෙනදාට උදෑසනින්ම දැනෙන ලැවැන්ඩර් සුවඳවත් නැවුම් කිරි සුවඳවත් අද නැත... යීබෝ අවදිවී සිටියත් පපුව අස්සෙ මුහුණ ඔබාගෙන නිදාගෙන සිටින අහිංසකයා දෙස බලා සිටියා විනා නැඟිට යන්නට හිතක් නැත.... ඉදිමී තිබුණු කම්මුල් දෙකනම් දැන් සාමාන්‍ය අතට හැරී ඇත... නමුත් කකුල වේදනාවෙන් මහ පාන්දරත් සීන් කෙදිරිගෑවේය ... ගම්බා රෝහලේ එක්ස්රේ පහසුකම් නොමැති නිසා සීන්ව සවසට ෂීෂෑන්ග් රැගෙන යෑමට යීබෝ සිතාගත්තේය ...

වෙලාව හතත් පසුවෙමින් තිබෙන නිසා යීබෝ සෙමින්  සීන්ගෙන් මිදී ඇදෙන් බහින්නට හැදුවත් ඒ ග්‍රහණය යලිත් වැඩිවිය...

" අනේ........ඩොක්........."

ඒ හඩ පිටවූයේ කෙදිරියක් ලෙසිනි... ඇඟත් ලාවට රත්වී ඇත...

" ඉන්න මැණික මම කිරි හදාගෙන ඔයාට සැන්ඩ්විච් හදාගෙන එන්නම්..... බෙහෙත් මොනවා හරි බොන්නෝනෙනෙ......"

යීබෝ ආදරෙන් ඒ හිස අතගාමින් කියද්දී සීන් එයට කීකරුවිය.... යීබෝව ග්‍රහනයෙන් මුදවූ පසු සීන්ව හොදින් පෙරවා පැන්ට්‍රියට ගියේය ... කිරි උණුවෙන්නට තබද්දීම චාඕ පැමිණියේය ... යීබෝ සිදුවී ඇති දෙය කෙටියෙන් ඔහුට පැහැදිලි කලේය...

",ගැහුවා මදි ඕකට... අහිංසකයා ..උඹලා තව ටිකක් පරක්කු උනානම් .... මොන විනාශයක් ද වෙන්නෙ..."

චාඕ කේන්තියෙන් කීවේය ....

" මෙන්ලි අක්කට මේවා කියන්න එපා... ලිස්සලා වැටිලා කියන්න ... බට්ටව හවසට ෂීෂෑන්ග් හොස්පිට්ට්ල් එකට මං අරගෙන යන්නම් කකුලෙ එක්ස්‍ රේ එකක් ගන්න..."

" හරි උඹ කොල්ලා ලඟ හිටපං... හදිසියේ වැඩ වැඩිවුනොත් මම පණිවිඩයක් එවන්නම් ...."

චාඕ එසේ කියද්දී නම් යීබෝගෙ හිතට සහනයක් ඇතිවිය....

" කෝ.... මගෙ මැණික ...එන්නකො මූණ හෝදන්න යන්න....."

සැන්ඩ්විච් සමග කිරි වීදුරුව මේසය මත තැබූ යීබෝ සීන්ව ඔසවාගත්තේය ....

" මං බරයිද ඩොක්...."

යීබෝගෙ බෙල්ලෙහි එල්ලෙමින් සීන් ඇසුවේය ..

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now