එකොළොස් වෙනි දිගහැරුම .....💝

1.9K 433 130
                                    

💝💝 Because of you 💝💝......

"ඩොක්......ඩොක්......"

සීන්ගේ අතැගිලි පහසට යලිත් දෙනෙත් පියැවුනු යීබෝ දෙනෙත් හැරියේ කෝදුරු හඩකින් සීන් කොදුරනු ඇසුනු නිසාය...... යීබෝගෙ නලල පුරා ඇගිල්ලකින් ඉරි අදිමින් සීන් යීබෝව ඇහැරවන්නට උත්සාහ කරන්නේ ඇසෙන නෑසෙන ගානට කතාකරමිනි.....දෙනෙත් හරින්නට යද්දීම සීන් තවත් මොනවාදෝ මුමුණන්නට පටන්ගත්තේය ...

" ප්‍රශ්න හංගගෙන ගුලිවෙලා නිදිනෙ ඉතින්.... මාත් ඔහොම සතියක් හිටියනේ අක්කට බයේ... මගෙ ප්‍රශ්නෙ විසදපු මෙයාට බෑනෙ මෙයාගෙ ප්‍රශ්නෙ විසඳගන්න ........."

සෙමින් සෙමින් කොදුරමින් මුහුණ දිගේ ඉරි අදින අතර සීන් බර හුස්මක්ද පිටකරන හඩ යීබෝට ඇසුනි ...

" ප්‍රශ්නයක් තියෙනවනම් විසදුමක් තියෙනවා කියපු මනුස්සයානේ මේ...."

යීබෝගෙ මුවඟට සිනාවක් මතුවූවත් ඔහු එය පිට නොකලේය.... එක අතකට සීන් කියන කතාවේත් ඇත්තක් නැතුවාම නොවේ.... බයේ සැඟවී සිටිනට තමන් අපරාධයක් කර නැත... කෙලින්ම පපාට කතාකර විය යුත්තේ කුමක්දැයි ඇසීම වඩාත් සුදුසු බව යීබෝගෙ තීරණය කලේය... ඔහු දැන් ගම්බා පැමින මාස එකහමාරක් වන්නටත් ආසන්නය...

" ඩොක්.....ඩොක්........."

සීන්ගේ සුසුමන් පවා යීබෝගෙ මුහුණේ වදී ඔහු සිටින්නේ දෑස් අසලම බව යීබෝට තේරුනේය... මේ දිනවල ලැවැන්ඩර් මල් සුවද වෙනුවට ඔහුගේ හිසෙන් එන්නේ යීබෝ පාවිච්චි කරන හෙඩ් ඇන්ඩ් සෝල්ඩර් මින්ට් ෂැම්පු සුවඳයි... යීබෝ එයටත් ආශා කලේය... තමන්ගේ ෂැම්පු සුවද සීන්ගේ හිසෙන් එද්දී එතැන වෙනමම හැඟීමක් ඇතිබව ඔහුට සිතුනි......

යීබෝ සෙමින් සෙමින් දෙනෙත් හැරියේය ... දෑස් අසලම සීන්ගේ දෑස් නතරවී ඇත.... ඒවා යීබෝගෙ දෑස් විවර වනවිට මදක් කලබල වෙනු යීබෝ දුටුවේය .... යීබෝ වෙනසක් නොපෙන්වා කතාකලේය ...

" බට්ටො...."

" හ්ම්ම්ම්..."

සීන් සිටින්නෙ ඇද අසල දනගසාගෙනයි.... ඔහු කතාකරද්දී ඔහුගේ මුවින් චොක්ලට් සුවදක් ආවේය... යීබෝ නිදි අතරේ සීන් චොක්ලට් කන්නට ඇතැයි ඔහු සිතුවේය ...

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now