විසිහයවෙනි දිගහැරුම ....💝

1.6K 396 164
                                    

💝💝 Because of you 💝💝............

"ඔන්න මගෙ බටු ඇටේට ඇදෙන් බිමට බහින්න තහනම් ...... තේරුනාද ..."

ෂීෂෑන්ග් සිට නිවසට පැමිණි යීබෝ සීන්ව ඇදමතින් තබමින් කීවේය ..

" එක්ස් රේ එක මොකද යීබෝ ..."

චාඕ මෙන්ලි සමඟින් කාමරයට ඇතුල්වෙමින් ඇසුවේය ...

" bone එකක් ටිකක් පුපුරලා කිව්වා.... සතියකින් එන්න කිව්වා ප්ලාස්ටර් එක ගලවන්න..."

මෙන්ලි සීන් අසලින් වාඩිවී හිස අතගෑවේය ....

" පපා ආවා හවස ඔයාව බලන්න..... මම කිව්වා ෂීෂෑන්ග් හොස්පිට්ට්ල් එකට එක්ක ගියා කියලා ... ටික වෙලාවක් ඉදලා යන්න ගියා ..."

යීබෝ චාඕ දෙස බැලුවේ කුතුහලයෙන් යුතුවයි ....

" නෑ නෑ යීබෝ ... සීන් වැටිලා කියපු නිසා ඇවිත් තියෙන්නෙ ... ඉන්නෙම ඉතින් ඉස්පිරිතාලෙ නිසා මං මොකටද බයවෙන්නෙ කියලා යන්න ගියා...."

මෙන්ලි යලිත් කීවේය ...කොහොමත් ෂියාඕ යනු දරුවන්ට බැදුනු, ඔවුන් වෙනුවෙන් දුක්වෙන පුද්ගලයෙකු නොවේ.. . මේ වනවිට එය යීබෝටත් නොරහසකි ...

🌟 🌟 🌟

",ඔන්න දඟලන්න බෑ අදේ තේරුනාද .. කකුල ඔහොමම තියෙන්න ඕන..."

සීන් අසලින්ම ඇදේ හාන්සිවෙමින් යීබෝ කීවේය ...

" චූ බරක් හැදුනොත්...."

" එතකොට මම උස්සගෙන ගිහිල්ලා චූ දම්මනවා...."

සීන් සිනාසුනේය ...

" ඩොක් ..."

" කියන්න මැණික ...."

යීබෝ සීන්ගේ අවුල්වී ඇති හිසකේ අතකින් පිළිවෙලකට හදමින්,කීවේය ...

" අපි කවද්ද එතකොට වෙන රටකට යන්නෙ....."

අද සින්ට හැරෙන්නට පෙරලෙන්නට නොහැකි නිසා යීබෝ ඔහු දෙසට හැරී නලලතට හාදුවක් තැබුවේය ....

" ඉක්මනින් යන්න ඕන....ඊට කලින් කරගන්න වැඩ ටිකක් තියෙනවා වස්තූ...."

"ඒ මොනවද ඉතින්...."

"මුලින්ම එහෙ හොස්පිටල් එකකට apply කරන්න ඕනේ ... ඊළඟට ඩොක් ගෙ company shares විකුණන්න ඕන ..... ඊළඟට බට්ටගේ පාස්පෝට් එක හදන්න ඕනෑ .... ඊට පස්සේ visa apply කරන්න ඕනේ .... ඊලගට තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ ...."

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now