දහ අටවෙනි දිගහැරුම .....💝

1.8K 421 122
                                    

💝💝 Because of you 💝💝.......

"ගම්බා හොස්පිට්ට්ල් එකට යන්නෙ කොහොමද........"

ෂටර් එක පහත්කල පසු එහි කාන්තාවක් සහ පිරිමියෙක් සිටින අයුරු සීන් දුටුවේය ...

" අර තියෙන්නෙ කන්දෙ....."

බින් අත දිගුකර පෙන්වූයේය... එහි සිටි තරුණයා සීන් දෙස හොදින් බලන අයුරු සීන් පමණක් නොව බින්ද දුටුවේය ...

" හරි ගොඩාක් ස්තූතී ..."

අනෙක් අසුනෙහි සිටි කාන්තාව සිනාසෙමින් කීවේය .... රථය යලිත් ඉදිරියට ඇදෙද්දී ඊලඟට ගහන්නට අතේ තියාගෙන හිටපු ජිල් කිහිපය බිමට දැමූ සීන් රෝහල දෙසට යන්නට හැරුනේය ....

" දැං පැරදුනු එකට සල්ලි දීලා පලයං...."

එකෙක් කෑගැසුවේය .. රෝහල දෙසට ඇදෙන රථය දෙස බලාගෙනම සාක්කුවෙන් කාසි කිහිපයක් එලියට ගත් සීන් ඒ කීයක් දැයි නොබලාම ජිල් පෙත අසලට විසිකර ඉක්මනින් රෝහල දෙසට දිව යන්නට පටන්ගත්තේය ..

" බාගෙට දිනලා සල්ලි ඔක්කොම අරං පැනලා යන්න ඔට්ටු නෑ.... හිටපිය ඉවර වෙනකල්...."

එකෙක් කෑගැසුවේය ... සීන්ට දැන් මල යකා ආරූඪ වී ඇති නිසා සාක්කු දෙකට අතදමා කාසි සියල්ල එතැනම අතහැරියේය ....

" ඉදා මේවා කාපිය...."

කේන්තියෙන් එසේ කියා සීන් රෝහල දෙසට දුවගෙන ගියේය ... අනිවාර්යයෙන් මේනම් බෙයිජිං වලින් කවුරුන්හෝ විය යුතුය... සාමාන්‍යයෙන් මායිම් ගම්මානයක දවසට හතර වතාවක් යන එන බස් රථය ආමි ට්‍රක් එකක් සහ බයික් එකක් හැරුනු කොට වාහනයක් දකින්නට නොහැකිය ... ඩොක්ටර් චාඕ ගේ දෙමාපියන් එන්නේ බසයෙන් බව සීන් දන්නේය... ඉතින් මේ අනිවාර්යයෙන් ඩොක් ගේ කවුරුන් හරිමය...

******

යීබෝ ඈත තියාම රථය හදුනාගත්තේය .... ඉක්මනින් කාර්‍යාලයෙන් එළියට ආවේ සිනාමුසු මුහුණකිනි.... ඒ සිනහව තවත් වැඩිවූයේ එහි වාඩිවී සිටින අනෙක් කාන්තාව දුටු විටයි ... නමුත් මේ අහම්බය යීබෝට සිතාගන්නට නොහැකිවිය...

" රෑන්ගා.....අක්කා....."

යීබෝගෙ සිනහව මේතරම් සුන්දරදැයි යූයී දන්නේද අදයි......

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now