තිස් අටවෙනි දිගහැරුම ....💝

1.5K 381 212
                                    

💝💝 Because of you 💝💝.......

🌞🌞🌞🌞

තවත් අලුත් දවසකට හිරු නැගෙද්දී යීබෝ මුලින්ම අවදිවිය...... නිරුවත් පපුවට තුරුලු වී නිදන බට්ටිච්චා දෙස යීබෝ ටිකවේලාවක් බලා සිටියේය ... ඉතින් ඔහුට තමන් හැර වෙනකිසිවෙක් නොමැති සේම තමන්ටද ඔහුගෙන් තොර ලෝකයක් නොමැති බව යීබෝ සිතුවේ ඒ ආදරණීය මුහුණ සෙමින් අතගාමින් හිස් මුදුනට හාදුවක් තබමිනි....

යීබෝ හෙලවෙන්නේ වත් නැතිව අත හිසට උඩින් යවා දුරකතනය අතට ගත්තේය ... වෙලාව අටට ආසන්නවී ඇත .. දහයට යීබෝ ඇමරිකන් එම්බසියට යා යුතුය... අද අන්තිම දවසයි.... ටිකට් දෙකත් බුක් කරගෙනම පැමිනියහොත ඉතිරි දින කිහිපය සැනසීමෙන් සිටිය හැකි බව යීබෝ සිතුවේය ...යීබෝ ඇදෙන් නැඟිටින්නට යද්දීම කාමරයේ බෙල් එක නාදවිය.... ඒ හඩට සීන් ඇස් ඇරියේය ...

" පෙරවගෙන ඉන්න මැණික මං බලලා එන්නම්.."

යීබෝ ඉක්මනින් කමිසයක් දමාගෙන දොර විවර කලේය....

" සර් අපි හොටෙල් ස්ටාෆ් .... ලයිට්ස් චෙක් කරන්න ආවේ.....".

හොටෙල් කාර්‍ය මණ්ඩලයේ හැදුනුම් පත් පෙන්වා දෙදෙනෙකු කාමරයට ඇතුල්විය....ඔවුන් ඇදේ නිදා සිටින සීන් දෙස හොදින් බැලුවේය ...

" පපා එන්නකො...."

ඒ බැල්ම නිසාම සීන් යීබෝට කතාකලේය ... ඔහුන් ගෙනා ලැඩර් එක හිටුවා උඩට නැඟ ඇද දෙස කිහිප වතාවක් බලා මොනවාදෝ කරයි....

" පපා එයාලා ඇයි අපි දිහා බලන්නෙ...."

සීන් ඇසුවේය ... යීබෝ සීන් අසලින් වාඩිවී  ඔහුගේ හිස අතගෑවේය ....

" එහෙම එකක් නෑ මැණික ... එයාලා නිකං බලන් ඇති.... "

යීබෝ කීවේය..... විනාඩි පහළොවකට පමණ පසුව ඔවුන් පිටව ගියේය ....

" අපි යන්නම් සර් .... අපෙන් ඔයාලට බාධාවක් වුනා නම් සමාවෙන්න  ...."

ඔවුන් පිටව යන්නට පෙර එසේ කීවේ හිස නමා ආචාර කරමිනි ...

" ආහ් ඒකට කමක් නැහැ...... ඒක ඔයාලගේ ඩියුටි එකනේ...."

යීබෝ සිනාසෙමින් කීවේය ....  ඔවුන් පිටවගිය පසු යීබෝ යලිත් සීන් අසලට ආවේය ... ..

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now